මත්ද්‍රව්‍ය ළඟ තබා ගැනීමේ චෝදනාවට ඩුබායිහිදී අත්අඩංගුවට ගත් පාතාල නායක මාකඳුරේ මධුෂ් ඇතුළු පිරිසට එරෙහිව නඩුව එහිදීම විභාග වනු ඇති බව මැදපෙරදිග නීතිය පිළිබඳ විශාරදයෝ කියති.
එරට ක්‍රියාත්මක නීතිය අනුව ඔවුනට එරටේදී නඩු විභාගයකට අනිවාර්යයෙන් මුහුණදීමට සිදුවනු ඇති බවත්, ශ්‍රී ලංකාවට ඔවුන් ගෙනඒමට නම් මෙරටේදී නඩු පවරා වැරදිකරුවන් කර තිබිම අනිවාර්ය බවත් ඔවුහු පෙන්වා දෙති.
කෙසේ වෙතත් ශ්‍රී ලංකා රජයට මධුෂ් ඇතුළු පිරිස භාරදෙන්නැයි ඉල්ලා සිටිය හැකි බවත් ඔවුහු පෙන්වා දෙති.
ඩුබායිහි මරණ දඬුවම ලබාදීමේ නීතිය පැවතුණද ලංකාවේ මෙන්ම එය බලාත්මක කර නැති බැවින් එරට මරණ දඬුවම ලබානොදෙයි. කෙසේ නමුත් ඩුබායිහී මත්ද්‍රව්‍ය සම්බන්ධ වැරදි සඳහා ඉතා දරුණු දඬුවම් හිමිවන බවද වාර්තා වෙයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...