දේශීය පුවත්

උතුරු පළාතේ පිහිටා ඇති බෞද්ධ සිද්ධස්ථාන වල හා බෞද්ධ ජනතාවගේ ආගමික සහජීවනය වර්ධනය කිරීමට උතුරු පළාත තුල බෞද්ධ සමුළුවක් (බොදු සමුළුවක්*පැවැත්වීමට උතුරු පළාත් ආණ්ඩුකාර සුරේන් රාඝවන් මහතා කටයුතු සූදානම් කර ඇත.

මෙම බෞද්ධ සමුළුව උතුරු පළාතේ වවුනියාව දිස්ත‍්‍රික්කයේ පිහිටා ඇති ශ‍්‍රී බෝධිදක්ෂිණාරාමය විහාරස්ථානයේදී මාර්තු 22 වැනි දින පැවැත්වීමට මේවන විට සියලූ කටයුතු සූදානම් කරමින් පවතී.

උතුරු නැගෙනහිර ප‍්‍රධාන සංඝනායක සහ වවුනියාව ශී‍්‍ර බෝධිදක්ෂිණාරාමයේ විහාරාධිපති පූජ්‍ය සියඹලාගස්වැව විමලසාර නායක ස්වාමීන් වහන්සේගේ පූර්ණ අනුශාසනාව මත උතුරු පළාත් ආණ්ඩුකාරවර ආචාර්ය සුරේන් රාඝවන් මහතාගේ සංකල්පයක් අනුව මෙම කටයුත්ත සිදු කරනු ලබයි. තවද බුද්ධශාසන අමාත්‍ය ගාමිණි ජයවික‍්‍රම පෙරේරා මහතාගේ පූර්ණ ආශිර්වාදයද මේ සඳහා හිමිවන අතර මෙම සමුළුවට සමස්ත ලංකා සංඝ සභාවේ ස්වාමීන් වහන්සේලා සහ ලේඛකාධිකාරී ස්වාමීන් වහන්සේලා ඇතුළු දිවයින පුරා සිටින ප‍්‍රධාන නායක ස්වාමීන් වහන්සේලා 50 නමකට අධික ප‍්‍රමාණයක් එදිනට වැඩම කරවීමට නියමිතය.

ශ‍්‍රී බෝධිදක්ෂිණාරාම විහාරාධිපති පූජ්‍ය සියඹලාගස්වැව විමලසාර නායක ස්වාමීන් වහන්සේ බැහැ දැකීමෙන් අනතුරුව අදහස් දැක්වූ උතුරු පළාත් ආණ්ඩුකාරතුමා,

උතුරු පළාතේ වෙසෙන බෞද්ධයන් මුහුණ දෙන ගැටළු සහ සංඝ සභාවට ඇති වී තිබෙන අභියෝග හා අවස්ථාවන් හඳුනාගැනීමට හැකියාව ලැබීම මෙවැනි බොදු සමුළුවක් උතුරු පළාතේ පැවැත්වීමේ ප‍්‍රධාන අරමුණ බව පැවසූ අතරගරු නායක ස්වාමීන් වහන්සේලාගේ අනුශාසනා හා නායකත්වය යටතේ බුද්ධශාසන අමාත්‍යාංශයේද පූර්ණ සහයෝගය ඇතිව ආණ්ඩුකාරවර කාර්යාලයේ මෙහෙයවීමෙන් මෙම බොදු සමුළුව පැවැත්වීමට තීරණය කළබව පැවසීය.

උතුරු පළාතේ බුද්ධශාසනයට, සංඝ සභාවට හා බෞද්ධ ජනතාවට විවිධ ආකාරයෙන් මතුවී ඇති ගැටළු සහ අභියෝගයන් බෞද්ධ දර්ශනය හා බෞද්ධ ධර්මය උපයෝගි කරගෙන විසඳාගත යුත්තේ කෙසේද යන්න පිළිබඳව ස්වාමීන් වහන්සේලාගේ නායකත්වයෙන් සාකච්ඡුා කරන බව ප‍්‍රකාශ කළඅතර එම කතිකාවෙන් පසුව එක්තරා ආකාරයේ වැඩ පිළිවෙළකට, පිළිවෙතකට අවතීර්ණ විය හැකි බවද සඳහන් කළේය.

මෙම සමුළුව සඳහා දකුණේ වැඩ සිටින නායක ස්වාමීන් වහන්සේලාගේ අනුශාසනා අවශ්‍ය කරන බවත් ඒ තුලින් නොබිඳුණු,නොකැඩුණු එකම දේශයක් තුල සියලූ පුරවැසියන්ට ධර්මානුකූලව හා ඒ ඒ අයගේ ආගම් වල හැටියට සාමකාමී හා ප‍්‍රජාතන්ත‍්‍රවාදී රටක් බිහි කිරීමට අතිගරු ජනාධිපතිතුමන්ගේ දර්ශනය අනුව සරල වූත් නමුත් ගැඹුරු වූත් ජීවන රටාවකට අවතීර්ණ වීමට හැකියාවක්ද ඇති බව වැඩිදුරටත් පැවසීය.

උතුරු පළාත් ආණ්ඩුකාරවර මාධ්‍ය ඒකකය



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More