අතුරුදහන්වූවන් සොයාදෙන ලෙසට හා අතුරුදහන්වූවන් වෙනුවෙන් සිදුවුයේ කුමක්ද යන්න විමසමින් අතුරුදහන්වූවන්ගේ ඥාතීන් අද(09) යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ඉදිරිපිට විරෝධතාවයක නිරතවිය.
අතුරුදහන්වූවන් සොයාදෙන බවට හා අතුරුදහන්වූවන්ගේ ගැටළු වෙනුවෙන් සාධාරණ පිළිතුරක් ලබාදෙන බවට රජය ලබාදුන් පොරොන්දු ඉටු කරන ලෙසට ඉල්ලීම් කරමින් විරෝධතාකරුවන් විරෝධතාවයේ නිරතවූහ.
කළු පටි පැළඳගෙන පහන් දල්වා අතුරුදහන්වූවන්ගේ ඥාතීන් පෝස්ටර හා බැනර් ප්‍රදර්ශනය කරමින් විරෝධතාවයට එක්ව සිටියහ.
අවසන් යුධ සමයේ ආරක්ෂක අංශ වෙත සාක්ෂි සහිතව ලබාදුන් පිරිසට සිදුවුයේ කුමක්ද හා අතුරුදහන්වූවන්ගේ ඥාතීන් සිය ඥාතී පිරිස් රඳවාගෙන සිටින බවට අනුමාන කරමින් පැවසූ ප්‍රදේශ පෙන්වන ලෙසටද පුවරු ප්‍රදර්ශනය කරමින් අතුරුදහන්වූවන්ගේ ඥාතීන් විරෝධතාවයට එක්විය.
අතුරුදහන්වූවන්ගේ ඥාතීන්, දේශපාලන සිරකරුවන්ගේ ඥාතීන් හා සිවිල් සංවිධාන ක්‍රියාකාරීන් පිරිසක් විරෝධතාවයට එක්ව සිටියහ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...