ජනාධිපතිවරණයට පෙර ස්ථිර වශයෙන්ම පළාත් සභා මැතිවරණය පැවැත්වෙන බව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පොළොන්නරුවේ දී අද (9 වැනිදා) පැවසීය. ඒ සම්බන්ධයෙන් පවත්නා ව්‍යවස්ථාපිත ගැටලු නිරාකරණය කර ගන්නා බවද සිරිසේන මහතා ප්‍රකාශ කළේ පොළොන්නරුවේදී පැවති ජන හමුවක් අමතමිනි.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රතිසංවිධානය කිරීමේ වැඩසටහන යටතේ පොළොන්නරුව දිස්ත්‍රික් මහජන හමුවක් පාක්ෂිකයන් විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් පොළොන්නරුව නව නගරයේ දී අද පැවැත්විණි.
එහිදී අදහස් දැක්වූ ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ ජනාධිපතිවරණය නියමිත කාලයට නියමිත පරිදි පැවැත්වෙන නමුත් ඇතැම් පිරිස් ප්‍රකාශ කරන පරිදි එය බලහත්කාරයෙන් පැවැත්වීමට කිසිවෙකුට නොහැකි බවයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...