සෞඛ්‍ය අමාත්‍යාංශය සහ ලෝක සෞඛ්‍ය සංවිධානය එක්ව පළ කරන ලද දැන්වීමක කිරිපිටි පරිභෝජනය කිරීමෙන් ලෙඩ රෝග 21ක් ඇති වන බව ප්‍රකාශ කර ඇති බවත් එවැනි තත්ත්වයක් තුළ සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන් සෞඛ්‍ය ඇමැතිවරයා වෙත අසත්‍ය තොරතුරු ලබාදී ඇමැතිවරයා නොමඟ යවා ඇති බවත් කර්මාන්ත හා වාණිජ නියෝජ්‍ය ඇමැති බුද්ධික පතිරණ පාර්ලිමේන්තුවේදී පැවැසීය.
කිරිපිටි සම්බන්ධයෙන් තමා පාර්ලිමේන්තුවේදී කළ ප්‍රකාශය නැවත නැවතත් එලෙසින්ම ප්‍රකාශ කරන බව පැවැසූ නියෝජ්‍ය ඇමැතිවරයා කිරිපිටි සම්බන්ධයෙන් පරීක්ෂා කිරීමට තේරීම් කාරක සභාවක් පත් කරන ලෙස කථානායකවරයාගෙන් ඉල්ලීමක් කළේය.
විමල් වීරවංශ
ගරු කථානායකතුමනි කිරිපිටි සම්බන්ධයෙන් පරීක්ෂා කරන්න තේරීම් කාරක සභාවක් ඉක්මනින් පත්කරන්න.
කථානායක
ඔව්. තේරීම් කාරක සභාවක් පත් කළාම බලමු.
බුද්ධික පතිරණ
‘සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විශ්‍රාම යෑමෙන් පසු ෆොන්ටේරා සමාගමේ ඉහළ තනතුරකට පත්වී සිටිනවා. ඒ වගේම සුරාබදු අධ්‍යක්ෂ ජනරාල්වරයකු විශ්‍රාම ලැබූ පසු මත්වතුර සමාගමක ඉහළ තනතුරක් දරන තත්ත්වයක් නිර්මාණය වී තිබෙනවා.
‘කිරිපිටිවල ප්‍රමිතිය බැලීම සඳහා අධිතාක්ෂණ උපකරණ ලබා ගැනීමට මෙවර අය – වැයෙන් මුදල් වෙන්කර දෙන ලෙස ඉල්ලනවා.’
කථානායක
පාර්ලිමේන්තුවේ කිරිපිටි දෙන්නෙ නැහැ. පාර්ලිමේන්තුවේ දෙන්නෙ කල්කිරි කියල ඔබතුමාලට කියන්න ඕන.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...