ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ සහ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන් ගොඩනැඟෙන නව ජාතික පුළුල් සන්ධානය ඉදිරි සති 3 තුළදී රටට ඉදිරිපත් කිරීමට හැකිවන බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ… රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නායක වාසුදේව නානායක්කාර මහතා පවසයි.
නායකයන් දෙදෙනාගේ ප්‍රධානත්වයෙන් මෙහි මෙහෙයුම් මණ්ඩලයේ පළමු සාකච්ඡාව සාර්ථක මට්ටමක පැවැති බවත් මෙම නව ජාතික සන්ධානයේ නම, ලාංඡනය, තනතුරු, ආකෘතිය, ව්‍යුහය, ප්‍රතිපත්ති ගැන වාර්තාවක් සැකසීමේ ක්‍රියාවලිය තාක්ෂණික කමිටුවකට පැවරූ බවත් එම කටයුතු මේ වනවිට ආරම්භ වී තිබෙන බවත් නානායක්කාර මහතා පැවැසීය.
එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සියලුම දේශපාලන පක්ෂ නියෝජනය කරමින් මෙම තාක්ෂණික කමිටුව පත්කර තිබෙන බවත් තාක්ෂණික කමිටුවේ එම වාර්තාව සති 2ක් පමණ ඇතුළත මෙහෙයුම් මණ්ඩලයට ලබාදීමට නියමිත බවත් නානායක්කාර මහතා සඳහන් කළේය.
පුළුල් ජාතික සන්ධානය රටට ඉදිරිපත් කිරීමට පෙර තාක්ෂණික කමිටුවේ වාර්තාව ගැන සාකච්ඡා කිරීම සඳහා මෙහෙයුම් මණ්ඩලය රැස්වීමට නියමිත බවද ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...
It is very urgent essential object to rescue the country from the present disaster