මාකඳුරේ මධුෂ් ඇතුළු මත්ද්‍රව්‍ය ජාවාරම් කල්ලියට මරණ දඬුවම හිමි වූවොත් ඉන් ගැලවීම සඳහා ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ සහාය පැතීමට කටයුතු කරන සූදානමක් ඇති බව ඩුබායි හි ශ්‍රී ලාංකික ආරංචි මාර්ග ඊයේ (08 වැනිදා) පැවසීය.
ජිනීවා මානව හිමිකම් කවුන්සිලය මරණ දඬුවම පැනවීම තහනම් කරමින් යෝජනාවක් සම්මත කර ඇත.
ඩුබායි හි ශ්‍රී ලාංකික ආරංචි මාර්ග පැවසුවේ ඔවුන් ඇතුළු කණ්‌ඩායම බේරා ගැනීම සඳහා ශ්‍රී ලාංකිකයන් පිරිසක් දැඩි උත්සාහයක යෙදී සිටින බවයි. මේ අතර ඊයේ (08 වැනිදා) ඩුබායි පොලිසිය කළ වැටලීමකදී ඩොලර් මිලියන 6 ක් වටිනා මත්ද්‍රව්‍ය තොගයක්‌ද ආසියානුවන් 9 ක්‌ද අත්අඩංගුවට ගෙන ඇත. මොවුන් කවුදැයි හෙළිකර නැත. මෙය විශාලතම මත්ද්‍රව්‍ය තොගය බව පොලිස් ප්‍රධානි ලුතිනන් ජෙනරාල් සයිද් අල් සබ්රි පැවසීය.
Divaina
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...