දේශීය පුවත්

බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ලබාදුන් මාස 6 ක සිර දඬුවම වසර 5 කට අත්හිටුවීමට හෝමාගම මහාධිකරණය අද නියෝග කළේය.

ඒ සන්ධ්‍යා එක්නැලිගොඩ මහත්මියට බැන, තර්ජනය කිරීම සම්බන්ධයෙන් නියම වූ සිර දඬුවම එරෙහිව ඉදිරිපත් කර තිබූ අභියාචනයේ තීන්දුව ප්‍රකාශයට පත් කරමිනි.

එම අභියාචනයේ තීන්දුව මීට සුළු වේලාවකට පෙර හෝමාගම මහාධිකරණ විනිසුරු අමල් රණරාජා විසින් ප්‍රකාශයට පත් කළේය.

සන්ධ්‍යා එක්නැලිගොඩ මහත්මියට බැන, තර්ජනය කිරීම සම්බන්ධයෙන් හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණය පසුගිය වසරේ ජුනි මස 14 වනදා ඥානසාර හිමියන්ට මාස 6ක සිර දඩුවමක් නියම කළහ.

පසුව උන්වහන්සේ පසුගිය වසරේ ජුනි 19 වැනිදා ඊට අදාළව අභියාචනයක් ගොනුකළ අතර, එහි තීන්දුව ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබුණේ පසුගිය ජනවාරි 30 වන දාය.

එහෙත් ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් අධ්‍යයනය කළ යුතු බැවින් තීන්දුව අද ලබාදෙන බව මහාධිකරණ විනිසුරුවරයා එදින ප්‍රකාශ කළේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More