දේශීය පුවත්

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ එක්ව පුළුල් සන්ධානයක් ගොඩනැගීම යුගයේ අවශ්‍යතාවය බවත්, බහුතර සිංහල ඡන්ද නොසලකා සුළු ජාතිික ඡන්ද වලින් ඉදිරි මැතිවරණ දිනා ගැනීමට කවුරුන්හෝ හිතනවානම් එය මිත්‍යාවක් බවත් සාහිත්‍යශූරී ගුණදාස අමරසේකර මහතා පවසයි.

ඊයේ (07) සවස ගම්පහ සණස සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැති ජාතික සමතා බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් සමුළුව අමතමින් අමරසේකර මහතා මේ බව කියා සිටියේය.

සිංහල ජාතිවාදය මත පදනම් වී සුළු ජන ඡන්ද පදනම අහිමි කරගැනීමට අකමැති බවට සමහර දේශපාලකයන් අද පාරම්බාම්න් සිටින බව පැවසූ අමර‍සේකර මහතා වැඩි දුරටත් කියා සිටියේ සැබෑ සුළුජාතික ඡන්ද පදනමක් උතුරු නැගෙනහිර ජාතිවාදී, වර්ගවාදී දේශපාල පක්ෂ වලට නොමැති බවය.

2018 පෙබරවාරි පළාත් පාලන මැතිවරණයේදී දෙමළ ජාතික සන්ධානය උතුරු පළාත් සමස්ථ ඡන්ද වලින් ලබාගන්නේ 34.7% ක් පමණක් බවත් නැගෙනහිර පළාතේ සමස්ත ඡන්ද වලින් ලබාගන්නේ 24.8% ක ප්‍රතිශතයක් පමණක් බවද ඔහු පෙන්වා දුන්නේය.

ඒ අනුව උතුරේ දෙමළ ජනතාවගෙන් 65%ක් ඔවුන්ගේ දේශපාලනය අනුමත නොකරන බව පෙන්වාදුන් අමරසේකර මහතා වැඩිදුරටත් කියා සිටියේ බෙදුම්වාදී, ජාතිවාදී, කුලවාදී ප්‍රතිපත්ති අනුමත නොකරන බහුතර ජනතාව ඇමතීම සඳහා ජාතික දේශපාලන පක්ෂ වලට හෝ නායකයන්ට විකල්ප වැඩපිළිවෙළක් මේ වන විටත් නොමැති බවය.

වැඩිදුරටත් අදහස් දක්වමින් අමරසේකර මහතා කියා සිටියේ ඉදිරි ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂ මහතාගේ අපේක්ෂකයා ජයග්‍රහණය කිරීමට නම් ඔහු විසින් මහින්ද රාජපක්ෂ මහතා 2015 ලබාගත් සිංහල ඡන්ද ප්‍රතිශතය 58.2% සිට 65% දක්වා ඉහළ දමා ගත යුතු බවත්, සුළු ජාතික ඡන්ද ප්‍රතිශතය 2015 ට සාපේක්ෂව 12.7% සිට 15% දක්වා ඉහල දළ දමා ගත යුතු බවය.

මේ තත්වය හොදින් තේරුම් ගන්නේනම් ඕනෑම කෙනෙකුට අභියෝගය කුමක්දැයි ඉතා හොඳින් පැහැදිලි වන බවද අමරසේකර මහතා වැඩිදුරත් කියා සිටියේය.

මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි, ආචාර්ය පූජ්‍ය මාදුරුඔයේ ධම්මිස්සර හිමි, මහාචාර්ය නලින් ද සිල්වා ,වෛද්‍ය වසන්ත බණ්ඩාර, අනුරාධා යහම්පත් ඇතුළු පිරිස ප්‍රධාන ආරාධිතයන් ලෙස සහභාගී වූ අතර ජාතික සංවිධාන නායකයින් ඇතුළු විශාල පිරිසකගේද සහභාගිත්වයෙන් මෙම සමුළුව පැවැත්විණි.

මූලාසනය මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමිපාණෝ විසින් උසුලනු ලැබූ අතර, ප්‍රධාන දෙසුම රියර් අද්මිරාල් සරත් වීරසේකර මැතිතුමන් විසින් පවත්වනු ලැබීය.

බහුතර සිංහල ඡන්ද නොසලකා සුළු ජාතික ඡන්ද වලින් දිනන්න හිතන්න එපා –

බහුතර සිංහල ඡන්ද නොසලකා සුළු ජාතික ඡන්ද වලින් දිනන්න හිතන්න එපා – අමරසේකරගෙන් බැසිල්ට අවවාදයක්

Gepostet von Lanka Lead News am Freitag, 8. Februar 2019



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More