දේශීය පුවත්

ජාතික ආණ්ඩු යෝජනාව හකුළා ගැනීමට එක්සත් ජාතික පෙරමුණ ආණ්ඩුව ක්‍රියා කළේ විපක්‍ෂය ඊට එරෙහිව එල්ල කරන ලද දැඩි විරෝධය හා එය පරාජය වන බැව් දන්නා නිසා බව විපක්‍ෂ නායක මහින්ද රාජපක්‍ෂ මහතා පවසයි.

ජාතික ආණ්ඩු යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොකර ඉවත් කර ගැනීම සම්බන්ධයෙන් එක්සත් ජාතික පෙරමුණ කුමක් ප්‍රකාශ කළද සත්‍ය එය නොවන බවත් රටේ පොදු මහජනතාව මෙම ජාතික ආණ්ඩු යෝජනාවට දැඩි ලෙස විරෝධය පළ කරන බවත් මහින්ද රාජපක්‍ෂ මහතා පෙන්වා දෙයි.

එක්සත් ජනතා නිදහස් සන්ධානය, ජනතා විමුක්ති පෙරමුණ, දෙමළ ජාතික සන්ධානය හා ඊ.පී.ඩී.පී. සංවිධානය පක්‍ෂ නායක රැස්වීමේදී ජාතික ආණ්ඩු යෝජනාවට දැඩි ලෙස විරෝධය පළ කරන විට පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අත්හිටුවා මෙය කෙසේ හෝ ගෙනඑන බව ප්‍රකාශ කළ ආණ්ඩුව එය හකුළා ගන්නේ ඇයි ද කියා විපක්‍ෂ නායක මහින්ද රාජපක්‍ෂ මහතා ආණ්ඩුවෙන් ප්‍රශ්න කළේය.

ජාතික ආණ්ඩු යෝජනාව පාර්ලිමේන්තුව තුළදී පරාජය වන බව දන්නා නිසා ආණ්ඩුව මෙය හකුළා ගත් බවත්, ඉදිරියටද ජාතික ආණ්ඩු යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට ක්‍රියා කළහොත් එය අනිවාර්යයෙන්ම විපක්‍ෂය විසින් පරාජය කරන බවත් මහින්ද රාජපක්‍ෂ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කෙළේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More