දේශීය පුවත්

නියෝජ්‍ය අමාත්‍ය බුද්ධික පතිරණ මහතා විසින් ආනයනික කිරිපිටි වල කිරි මේදය නොවන වෙනත් තෙල් වර්ග අඩංගු බවට කරනු ලැබූ චෝදනාව මත පදනම්ව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් ප්‍රකාශ නිකුත් කිරීම හාස්‍යජනක ක්‍රියාවක් බව වෛද්‍යවරු පවසති.

මේ පිළිබඳව අදහස් පළ කළ වෛද්‍යවරයෙකු ප්‍රකාශ කළේ මෙතෙක් කලක් කිරිපිටි වලට පාම් තෙල් එකතු කිරීමේ තක්කඩි වාණිජ ක්‍රියාවලිය පිළිබඳ වචනයක් කතා නොකළ රජයේ වෛද්‍යවරුන්ගේ සංගමය හදිසියේම මහජන සෞඛ්‍ය ගැන මතක් වීම හාස්‍යජනක බව ය.

බෝ නොවන රෝග ගැන කෝටි ප්‍රකා්ටි ගණනින් ප්‍රචාරක ව්‍යාපෘති දියත් කරන සෞඛ්‍ය අමාත්‍යාංශය රටට ආනයනය කරන කිරිපිටි kg මිලියන 80ක අඩංගු මොනවාදැයි පරීක්ෂණ වාර්තා ලබා නොගැනීම සාධාරණීකරණය කරන්නේ කෙසේ දැයි ඔවුන් ප්‍රශ්න කරති.

එම වරද දැක දැක මෙතෙක් කල් කිසිදු ලැජ්ජාවක් නැතිව නිහඬව සිටි වෛද්‍ය සංගමයට දැන් ලැජ්ජාවක් ඇත්නම් පළමුව කළ යුත්තේ ආනයනික කිරිපිටි වරායෙන් නිදහස් කිරීමට පෙර ඒ වාගේ අඩංගු කිරි මේදය මොනවා දැයි පරික්ෂා කරන ලෙස බල කිරීම බවද වෛද්‍යවරු පවසති



One thought on “වෛද්‍ය සංගම්වලට කිරිපිටි වල ගුණ අගුණ මතක් වුණේ ඇමති බුද්ධික කට ඇරියාට පසුවද? – වෛද්‍යවරු ප්‍රශ්න කරති”

Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More