දේශීය පුවත්

ආනයනික කිරිපිටි වල කිරි මේදය නොවන වෙනත් මේදය අඩංගු බවට නියෝජ්‍ය අමාත්‍ය බුද්ධික පතිරණ මහතා විසින් එල්ල කළ චෝදනා වලට පිළිතුරු දෙමින් අමාත්‍ය රාජිත සේනාරත්න මහතා විසින් පාර්ලිමේන්තුවේදී සිදු කළ ප්‍රකාශය මහජනයා නොමඟ යවන සම්පූර්ණයෙන්ම සාවද්‍ය ප්‍රකාශයක් බව වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා සඳහන් කරයි.

ආහාර පනත අනුව ආනයනික කිරිපිටි වල අඩංගු විය යුත්තේ කිරි මේදය පමණක් වුවත් වරායෙන් කිරිපිටි නිදහස් කිරීමට පෙර ඒ බව සනාථ කිරීම සඳහා කිසිදු පරීක්ෂණයක් සිදු නොකරන බව ඒ මහතා තරයේ ප්‍රකාශ කරයි.

රාජිත අමාත්‍යවරයාට ලැජ්ජාව තිබේ නම් පසුගිය අවුරුදු තුන තුළ ලබාගත් එවැනි පරීක්ෂණ වාර්තාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලෙස ඔහු අභියෝග කරයි.

ඊට අමතරව සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් වරයෙකු විදේශීය කිරිපිටි සමාගම් විසින් මාසයකට ලක්ෂ 20ක වැටුපකට කුලියට ගන්නේ එම තත්ත්වය පවත්වාගෙන යාම සඳහා බවද ඔහු තවදුරටත් චෝදනා කළේය.

විදේශීය කිරිපිටි සමාගම් වලට යහපත් යහපාලන රජය විසින් වසරකට රුපියල් මිදමිලියන දහසක බදු සහනයක් ලබා දෙන බව සඳහන් කළ ඒ මහතා එවැනි මුදලක් උඩ සාක්කුවේ දමාගන්නා සමාගම් සභාපතිවරයෙකු ට මිලදී ගත නො හැක්කේ මොනවාදැයි ප්‍රශ්න කළේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More