දේශීය පුවත්

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා එක්ව ගොඩ නගන මහා සන්ධානයේ වැඩ කටයුතු සාකච්ඡා පිට සාකච්ඡා සාර්ථක වෙම්න් ලහි ලහියේ ඉදිරියට යන බවත් කිසිවෙකුටවත් එම සන්ධානය කඩා බිඳ දැමීමට නොහැකි බවත් බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා අද පැවති මාධ්‍ය හමුවකදී පැවසීය.

එහිදී තවදුරටත් අදහස් දැක්වූ ඒ මහතා.

ඉදිරියෙදී පැවැත්වෙන පළාත් සභා මැතිවරණය, ජනාධිපතිවරණය සහ මහමැතිවරණය සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හා හිටපු ජනාධිපති මහින්ද රාජප්කෂ මහතා සමඟ එක්ව ගොඩ නගන පුළුල් සන්ධානයෙන් තරඟ වදිනවා. ජනාධිපතිවරණයට එම පුළුල් සන්ධානයෙන් තනි අපෙක්ෂකයෙක් පමණක් ඉදිරිපත් කරන අතර අපෙක්ෂකයන් දෙදෙ‍නෙක් ඉදිරිපත් කිරීමට කිසිඳු බලාපොරොත්තුවක් නෑ. එමෙන්ම එම අපෙක්ෂකයා තොරා ගැනීමෙදී තම නායකයන් දෙදෙනා හා සන්ධාන නායකත්ව මණ්ඩලය සමඟ සාකච්ඡා කර එක් අපේක්ෂකයෙක් පමණක් තම සන්ධානයෙන් ඉදිරිපත් කරන බව ද මන්ත්‍රීවරයා පැවසීය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More