කලා පුවත්

ඔබ ආදරය කරන කලාකරුන්ගේ ජීවිත පිටුපස්සේ සමහර විට ඔබ හීනෙකින්වත් නොහිතන හරි අපූරු කතා රාශියක් හැංගිලා තියෙනවා. ඇතැම් කතා අහනකොට දුක හිතෙනවා වගේම තවත් කතා අහන කොට සතුටකුත් දැනෙනවා. “ආටක නාටක” හරහා මේ දවස්වල කා අතරත් ජනප්‍රිය ශාන්ත ගාල්ලගේ කියන මේ කතාව මුලින්ම අහනකොට ඔබට පුංචි දුකක් ඇති වුණත් අන්තිම හරියට යනකොට ඔබටත් ඔහුත් එක්කම හිනා වෙන්න පුළුවන්.

ඔබ රටම හිනැස්සුවට අපි දන්නා විදිය ජීවිතය ජය ගත්තේ බොහෝ දුක් කම් කටොළු මැද්දේ. ඇත්තද ඒ කතාව?
ඒ විඳපු දේවල් දුකක්ද කියලා මට කියන්න බැහැ. මොකද හැම අත්දැකීමක්්ම අවසානයේ මම ජයග්‍රහණය කළා.

ඔබේ ඔය ජීවිත කතාව දැන ගන්න ආදරණීය “රිද්ම” පාඨකයෝ බොහොම කැමති වෙයි.
මම හෝමාගම. මගේ අම්මා මියගියේ මට වයස 15දී. මම සාමාන්‍ය පෙළ පන්තියේ ඉගෙන ගනිද්දී තාත්තත් නැති වුණා. ඒත් එක්කම මගේ පාසල් ගමනත් නතර වුණා.

සාමාන්‍ය පෙළ ලියන්නෙ නැතුව අද ඔබ ඖෂධ වේදියෙක් වුණේ කොහොමද.
මම පාසල් ගමන නතර කරලා ඖෂධාලයක රස්සාවට ගියා. ඒ සල්ලිවලින් සාමාන්‍ය පෙළ පෞද්ගලිකව කරලා ඉහළින් සමත් වෙලා උසස් පෙළ ජීව විද්‍යා අංශයෙන් ඉගෙන ගත්තා. උසස් පෙළත් හොඳට සමත් වෙලා තමයි මම වෘත්තියෙන් ඖෂධවේදියෙක් වුණේ.

අම්මයි තාත්තයි නැති ඔබට නෑදෑයන්ගෙන් උදව් උපකාර ලැබුණේ නැද්ද?
ඒ ගැන කතා කරන්න මම කැමති නැහැ. දෙමාපියෝ නැති වුණාට පස්සේ නෑදෑයෝ අපේ ගෙදරත් අයිති කරගත්තා. අවුරුදු 16 කොළු ගැටයෙක් විදියට මම කොහොමද ඒ අයත් එක්ක හැප්පෙන්නේ. මම පුංචි කාමර කෑල්ලක බෝඩිං වෙලා තමයි ජීවිතය ජයගත්තේ. ඒ කාමර කුළිය, අධ්‍යාපන වියදම්, කන්න බොන්න සේරම වියහියදම් හොයාගත්්තේ් මමමයි.

ඒ අතීතය සිහිපත් වන විට අද මොකද හිතෙන්නේ.
දෙයියනේ කියලා අද මම හොඳින් ඉන්නවා. ඖෂධවේදියෙකු විදියට රැකියාව කරන අතරතුර රඟපානවා. මේ දවස්වල “නාටක මාරයි නවයහමාරයි“ නාට්‍යයේ වගේම තව ටෙලි නාට්‍යය කීපයකම රඟපානවා. මගේ බිරිඳ ඉරේෂා පතිරත්නගේ, පුතා ශෂි ගාල්ලගේ, දුව ශාක්‍යා ගාල්ලගේ එක්ක හරිම සතුටින් පවුල් ජීවිතේ ගත කරනවා.

හාසේ‍යා්ත්පාදක නළුවෙක් විදියට ඔබ බෞතීස්ම වුණේ කොහොමද?
මමයි, සුරංගයි, නන්දනයි, ජානකයි හොඳ යාළුවෝ. 1989දී අපි හතරදෙනා මුලින්ම කළේ සංගීත සංදර්ශනවල “විනෝද සමය” පෙන්වපු එක. එතැනදී අපි ‘ඇනස්ලි, සැමුවෙල්, බර්ටි අනුකරණය කළා. පස්සේ අපි අපේම අනන්‍යතාවයක් ගොඩනගා ගත්තා. ගුවන් විදුලිය, රූපවාහිනිය හරහා පියවරෙන් පියවර තමයි මේ ගමන ආවේ.

’නාටකමාරයි‘ නාට්‍යයේ ආච්චිගේ චරිතය ඔබට විශාල ජනප්‍රියත්වයක් ලබා දුන්නා යැයි කීවොත් “හරි” නේද?
ඇත්තටම ඔව්. ඒ චරිතය මගේ ජීවිතයටත් සුවිශේෂී චරිතයක්. ඔය ආච්චි මීට අවුරුදු 30කට විතර කලින් අපේ ගම් පළාතේ හිටපු ආච්චි කෙනෙක්. ඒ ආච්චිගේ චරිතය මගේ හිතට තදින්ම කා වැදුණු චරිතයක්. දවසක් මම ඒ ආච්චි විදියට සැරසිලා සුරංග ඉස්සරහා රඟපාලා පෙන්නුවා. ඊට පස්සේ තමයි ඒ චරිතය පිටපතට එකතු කළේ.

ඒ කියන්නේ කාත් කවුරුත් නැතිව හිටපු ඔබේ ජීවිතය ඒ ආච්චි තමයි වෙනස් කළේ.
(සිනා) එක අතකට ඒකත් රසවත් කතාවක් තමයි. අද ඒ ආච්චි ජීවතුන් අතර නැති වුණත් ඒ දවස්වල අපේ පළාතේ හිටපු ජනප්‍රිය චරිතයක්. “ආච්චිගේ නම සිමිටි ආච්චි” වුණාට ඇයට විහිළුවට වෙන නමක් තමයි කවුරුත් කිව්වේ. ඇය හරි කරුණාවන්තයි. ඕනෑම කෙනකුට උදව් කරනවා. හැබැයි අර නම කියලා විහිළු කරද්දී කේන්ති යනවා. ඒ ආච්චි සිගරට් බොනවා. නැවිකට් සිගරට් තමයි බොන්නේ. “ළමයෝ මට නැටිකට් සිකරට් එකක් දෙන්න” කියලා තමයි සිගරට් ඉල්ලන්නේ. ඇයට වරදින තැන් කියන්න ගියොත් හරි එහෙම නැත්නම් අර නම කියලා විහිළු කළොත් මුළු හෝමාගමටම ඇහෙන්න පැය එකහමාරක් දෙකක් විතර දේශනයක් අහගන්න පුළුවන්. හැබැයි ඒ වෙලාවට ඇය කියන වචන නම් කියනවා තියා මතක් කරන්නවත් බැහැ. ඇගේ මුවින් පිටවන වචන මතක් කරද්දී ඇඟ හිරි වැටෙනවා වගේ.

ඒ ආච්චි සම්බන්ධ සිදුවීම් “නාටක මාරයි“ සඳහා ඇතුළත් කළේ නැද්ද?
ඒ සිදුවීම් නාට්‍යයට ඇතුළත් කළොත් නාට්‍යයත් තහනමට ලක් වෙයි.

ආරියවංශ කුලතිලක



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More