දේශීය පුවත්

බැසිල්ගේ තක්සේරුව

February 7, 2019 1:12 am | Lanka Lead News

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හා ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය අතර එකඟතාවයක් ඇති වුවත් නැතත් ඉදිරියේ පැවැත්වෙන ඕනෑම මැතිවරණයක් ජයගැනීමේ හැකියාව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට පවතින බව හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පවසයි.

ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණේ පළාත් පාලන ආයතන නියෝජිතයින් හා ඒ මහතා අතර පක්ෂ කාර්යාලයේ පැවැති හමුවකදී ඔහු මේ බව සඳහන් කර තිබේ.

“මේ වෙද්දි නොයෙකුත් දේශපාලකයින් මැතිවරණ සම්බන්ධයෙන් විවිධ අදහස් දක්වමින් තිබෙනවා. සමහරෙක් ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය සමග එක්නොවුණොත් මැතිවරණ ජය ගන්න නොහැකි බව සමාජගත කරන්න උත්සාහ කරමින් සිටින බව පේනවා.

මේ වැරදි මතය නිවැරදි විය යුතුයි. පොහොට්ටුව හා අත සලකුණු එකතු නොවුණත් අපිට මැතිවරණ ජය ගැනීමේ හැකියාව තියෙනවා. අපි ඒ බව ඔප්පු කරලා තිබෙනවා. හැබැයි මේ පක්ෂ දෙක එකතු වුණොත් එක්සත් ජාතික පක්ෂය අන්ත පරාජයකට පත්කිරීමේ හැකියාව තිබෙනවා.”



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More