ජාතික සමතා බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් මහ සමුළුව 2019.02.07 වන බ්‍රහස්පතින්දා (හෙට) පස්වරු 3.00 ට ගම්පහ තැපැල්හල ඉදිරිපිට නීතිඥ සංකීර්ණයේ උඩුමහලේ සණස සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වේ.
මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමිපාණෝ, මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමිපාණෝ, ආචාර්ය පූජ්‍ය මාදුරුඔයේ ධම්මිස්සර හිමිපාණෝ, මහාචාර්ය නලින් ද සිල්වා මැතිතුමා, සාහිත්‍යශූරී ගුණදාස අමරසේකර මැතිතුමා, වෛද්‍ය වසන්ත බණ්ඩාර මැතිතුමා ඇතුළුව, ගම්පහ දිස්ත්‍රික්කයේ ජාතික සංවිධාන නායකයින්ගේද, දැයට හිතැති විශාල පිරිසකගේද සහභාගිත්වයෙන් මෙම සමුළුව පැවැත්වේ.
මූලාසනය මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමිපාණෝ විසින් උසුලන අතර, ප්‍රධාන දෙසුම රියර් අද්මිරාල් සරත් වීරසේකර මැතිතුමන් විසින් පවත්වනු ඇත.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...