දේශීය පුවත්

ඉදිරියේදී ලංකාවේ මරණිය දණ්ඩනය ක්‍රියාත්මක කිරීමේදී අපරාධකරුවන් වෙනුවෙන් පෙනී සිටිමින් දඩුවම් පාලනය කිරීමට උත්සාහ නොකරන ලෙස ලංකාවේ මානවහිමිකම් වෙනුවෙන් පෙනී සිටින ආයතනවලින් කරුණාවෙන් ඉල්ලා සිටින බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය.

දැනට ලැබී ඇති වාර්තා අනුව ඉදිරි මාසයක් දෙකක් ඇතුළදී ලංකාවේ මරණිය දණ්ඩනය ක්‍රියාත්මක කිරීම සිදු කරන බවත් කුමන බාධක පැමිණියත් එය සිදු කරන බවත් ජනාධිපතිවරයා සඳහන් කළේය.

එමෙන්ම විනයක් ඇති රටක් නිර්මාණය කිරීම සඳහා සහය වන ලෙසත් ජනාධිපතිවරයා මෙහිදී ඉල්ලා සිටියේය.

බරපතල වංචා දූෂණ පිළිබඳ ජනාධිපති කොමිසමේ වාර්තා පිළිබඳ අදහස් දැක්වීමට අද(06) ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට පැමිණි අවස්ථාවේදී මෙම විශේෂ ප්‍රකාශය නිකුත් කළේය.

අපරාධකරුවන්ට දඬුවම් දීමේදී මානව හිමිකම් ඉදිරියට දමාගෙන ඒවාට අකුල් නොහෙළන ලෙස ඒ සම්බන්ධයෙන් කථාකරන රටවලින් තමා ඉල්ලා සිටින බවද ජනාධිපතිවරයා පැවසීය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More