දේශීය පුවත්

ජාතික ආණ්ඩුව පිහිටුවිම පිළිබඳ යෝජනාව අද(07) පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොකර සිටීමට එක්සත් ජාතික පෙරමුණ තීරණය කර ඇත.

පක්ෂ නායක, අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා සමග ඊයේ ( 06) රාත‍්‍රියේ පැවති විශේෂ සාකච්ඡාවකින් පසුව මෙම තීරණය ගෙන තිබේ.

ජාතික ආණ්ඩුවක් පිහිටුවිම සඳහා වු යෝජනාව අද දිනයේ විවාදයට ගැනිමට ඊයේ පස්වරුවේ රැස්වූ පක්ෂ නායක රැස්විමේදී සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා විසින් යෝජනා කර තිබුනි.

ඒ අනුව එම යෝජනාව අද දිනයේ පාර්ලිමේන්තු න්‍යාය පත්‍රයට ද ඇතුළත් කර තිබිණි.

ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ගයන්ත කරුණාතිලක මහතා සියලු එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට දැනුම් දී තිබුණේ අද පාර්ලිමේන්තුවට පැමිණ යෝජනාවට පක්ෂව අනිවාර්යෙන්ම ජන්දය භාවිතා කරන ලෙසයි.

———————————————————-
විපක්ෂයේ විරෝධය නොතකා ජාතික ආණ්ඩු යෝජනාව හෙට පාර්ලිමේන්තුවට…දවස පුරා රැඳී සිට සහය වන්නැයි ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන්ට ලිඛිතව දන්වයි

මුස්ලිම් කොංග‍්‍රසයේ එක් මන්ත‍්‍රීවරයෙකු සමගින් එක්ව ජාතික ආණ්ඩුවක් ඇතිකිරීම සදහා වූ යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට පක්‍ෂ නායකයන් විරුද්ධ වී තිබේ.

අද පැවති පක්‍ෂ නායක හමුවේදී පක්‍ෂ නායකයන් බහුතරයක් මෙම යෝජනාවට විරුද්ධ වී ඇති අතර ජාතික ආණ්ඩු පිළිබඳව යෝජනාව විවාදය හෙට (07) දිනයේ විවාදයට ගැනීමට ආණ්ඩුව තීරණයකර ඇත.

ඒ අනුව එයට ඡන්ද විමසීමක් ද පැවැත්වීමට නියමිත බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ඉඩම් හා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

කෙසේ වෙතත් ඒ අනුව හෙට දිනයේ දී දවස පුරා පාර්ලිමේන්තුවේ රැඳී සිට යෝජනාවට පක්ෂව අනිවාර්යයෙන්ම ඡන්දය ප්‍රකාශ කළ යුතු බව එම නිවේදනයේ වැඩිදුරටත් දක්වා ඇත.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More