දේශීය පුවත්

අමාත්‍ය මලික් සමරවික‍්‍රම මහතාට විරුද්ධව විශ්වාසභංග යෝජනාවක් ගෙන ආයුතු යැයි ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා විසින් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී කණ්ඩායම් රැස්වීමට යෝජනාවක් ඉදිරිපත් කර ඇත.

ශ්‍රී ලංකා – සිංගප්පූරු නිදහස් වෙළඳ ගිවිසුම අත්සන් කිරීමේදී සිදුව ඇත බව ජනාධිපතිවරයා පත්කළ විද්වත් කමිටුවෙන් හෙළි කර ඇති බැවින් මෙම විශ්වාසභංග යෝජනාව ගෙනආ යුතු බවට මන්ත‍්‍රීවරයා යෝජනා කර තිබේ.

එමෙන්ම විපක්‍ෂය ලෙසින් රජයට එරෙහිව දැවැන්ත විරෝධතාවයක් සංවිධානය කළ යුතු බවට ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ මහලේකම්, පාර්ලිමේන්තු මන්ත‍්‍රී දයාසිරි ජයසේකර මහතා විසින් මන්ත‍්‍රී කණ්ඩායමට පවසා ඇත.

ඒ අනුව රජයට විරෝධය පළකරමින් දෙවුන්දර සිට කොළඹට පාගමනක් සංවිධානය කිරීමටද මන්ත‍්‍රී කණ්ඩායමට යෝජනාවක් ඉදිරිපත්ව තිබේ.

කෙසේ වෙතත් ඉදිරියේදී පැවැත්වෙන එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පක්‍ෂනායකයන්ගේ රැස්වීමේදී මේ සම්බන්ධයෙන් අවසන් එකඟතාවයකට පැමිණිය යුතු බවට විපක්‍ෂනායකවරයා පවසා තිබේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More