ශ්‍රී ලංකා පාතාලය මෙහෙයවූ පාතාල නායක මාකඳුරේ මදූෂ් අත්අඩංගුවට පත් වීම මෙරට සාමාන්‍ය ජනතාවට ඉතා විශාල සැනසිල්ලක් වී තිබේ.
ඩුබායි හි සැගව සිටිමින් මෙරට හෙරොයින් ජාවාරම, කප්පම් ගැනීම, කුලී මිනී මැරුම් ඇතුලු සියලූම පාතාල ක්‍රියා පාලනය කළ මාකඳුරේ මදූෂ් මෙරට ජන ජීවිතයට එල්ල කළේ විශාල තර්ජනයකි.
සිය ජාවාරම් වලට එරෙහි වන ඕනෑම අයෙකු විනාශ කර දැමීමට මදූෂ් දෙවරක් සිතුවේ නැත.
පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක රංගජීව ප්‍රසිද්ධ වී සිටිනුයේ ශ්‍රී ලංකාවේ මත් කුඩු ජාවාරම්කරුවන්ට කිසිදු සමාවක් ලබා නොදෙන පොලිස් නිළධාරියෙකු ලෙසිනි. පොලිස් පරීක්ෂක රංගජීව දිගින් දිගටම මාකඳුරේ මදූෂ්ගේ මත් කුඩු වැටලීමට කටයුතු කිරීම මදුෂ්ගේ කෝපයට හේතු විය.
එම නිසාම මදූෂ්ගේ අණින් පාතාලයේ වෙඩි පහරට ලක් වීමට රංගජීව පොලිස් පරීක්ෂකවරයාට සිදු විය.
කෙසේ වෙතත් දැන් රංගජීව සුව වී පැමිණ නැවතත් පොලිස් සේවයේය. කිසිවෙකුටත් කොටු කර ගත නොහැකි යැයි කියූ පාතාල නායකයා අත්අඩංගුවේය.
එම අවස්තාවේ පොලිස් පරීක්ෂක රංගජීව මහතා සිය ෆේස්බුක් ගිණුමේ අපූරු සටහනක් තබා තිබුණි. එනම් “වෙල්කම් ම්ලේච්ඡයා” යන්නය.
එම සටහන පහතින්,
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...