දේශීය පුවත්

පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතා එම පක්‍ෂ මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් මෙම අදහස් පල කළේය.

රාජපක්ෂ ආණ්ඩුවේ ඇමැති මණ්ඩලය රටට බරක් ඇයි කිඹුල් කඳුළු හෙලලා ඒ මතින් බලයට පැමිණි එජාපය දැන් ව්‍යවස්ථාවත් උල්ලංඝනය කරමින් ඇමැති මණ්ඩලය 48 දක්වා වැඩි කරන්න වෙර දරනවා. 19 වන සංශෝධනයේ දී රට රවටන්න ඇමති මණ්ඩලය 30ක් කරන්න විධිවිධාන යොදලා ඊට පස්සේ ජාතික ආණ්ඩුවක් තිබෙන අවස්ථාවක ඕනෑ තරම් වැඩි කරන්න පාර්ලිමේන්තුවට බලය ලබා දුන්නා. නමුත් දැන් කරන්න යන විදියට මුස්ලිම් කොංග්‍රසයේ තනි මන්ත්‍රි එක්ක ජාතික ආණ්ඩුවක් බිහි කිරීම සදාචාර විරෝධී පමණක් නොවේ ව්‍යවස්ථා විරෝධී කටයුත්තක්.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 46 (5) වගන්තිය අනුව ජාතික ආණ්ඩුවක් යනු පාර්ලිමේන්තුවේ වැඩිම ආසන සංඛ්‍යාවක් ගත් දේශපාලන පක්ෂය අනෙකුත් දේශපාලන පක්ෂ එකතුව පිහිටුවනු ලබන ආණ්ඩුවක් වන්නේය. මෙහි ඉතාම පැහැදිලිව තිබෙනවා පක්ෂ කියලා බහුවචනයෙන්. නිසා මුස්ලිම් කොංග්‍රසය විතරක් එකතු කරගෙන ජාතික ආණ්ඩුවක් හදන්න බෑ. තවත් එක් පක්ෂයක්වත් එකතු කරගන්න ඕනෑ. ඒ වගේම පක්ෂයක් මිස පක්ෂයක මන්ත්‍රිවරුන් එකතු කරගෙන ජාතික ආණ්ඩුවක් හදන්න බෑ.

ඉහත වගන්තිය අනුව ජාතික ආණ්ඩුව සැකසීමේ යෝජනා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න බෑ. ඒක කෙරෙන්නේ පාර්ලිමේන්තුවෙන් පිටත. ජාතික ආණ්ඩුව හැදුවට පස්සේ ඇමතිවරු ගණන වැඩි කරගන්නයි පාර්ලිමේන්තුවට යෝජනාවක් ගෙන ආ යුත්තේ. 2015 සැප්තැම්බර් මාසයේ දී ඇමතිවරුන් ගණන වැඩි කිරීමේ යෝජනාව සම්මත කර ගන්න කලින් සන්ධානයේ මහලේකම් තමන් එජාපය සමග ජාතික ආණ්ඩුවක් හැදූ බවට කතානායකට දැනුම් දුන්නා. ඊට පස්සේ තමයි ඇමතිවරු ගණන වැඩි කර ගත්තේ. එසේ නම් ඇමතිවරු වැඩි කිරීමේ යෝජනාව ගේන්න කලින් ජාතික ආණ්ඩුවක් හදලා පෙන්වන්න කියා අපි ආණ්ඩුවට කියනවා.

ඇමතිවරු ගණන වැඩි කිරීම අතිශයින්ම ජනතාවගේ කෝපයට හේතුවන තීන්දුවක් බව දනිමින් එජාපය මෙහෙම කරන්නේ ඇයි ? මී ළඟ මැතිවරණ වල දී එජාපයට අන්ත පරාජයක් අත්වන බව එය දැන් මොනවා කළත් වෙනස් කරන්නත් බැරි බව එජාපය දන්නවා. නිසා අඩුම ගණනේ එජාප මන්ත්‍රිවරුන් සතුටින් තිබ්බොත් පරාජයෙන් පස්සේ නායකයින්ට තම බෙල්ල බේරා ගන්න පුළුවන් වේවි කියා හිතනවා. අද එජාපයේ ආදර්ශ පාඨය වී තිබෙන්නේ “හෙට පැරදුනත් හිතට සැපයි. අද සැප විඳලා” යන්නයි.

2014 ඔක්තෝම්බර් මාසයේ ජාතික හෙළ උරුමය රාජපක්ෂ ආණ්ඩුවට යෝජනාවලියක් ඉදිරිපත් කරලා මේ යෝජනාවලිය පිළිගත්තේ නැති නම් අපි ආණ්ඩුවෙන් යනවා කිව්වා. යෝජනාවලියේ තුන්වන යෝජනාව තමයි ඇමති මණ්ඩලයේ ඇමැතිවරු ගණන 25 ක් ද නියෝජ්‍ය ඇමතිවරු ගණන 35ක් ද විය යුතුයි කියන එක. ඒ යෝජනාව පිළිගත්තේ නෑ කියා පාච රණවක ඇමතිතුමා එජාපයට එකතු වුණා. හැබැයි එජාපය ඒ ඉල්ලීම ඉටු කළාද ? නෑ. ඇමතිවරු 48 දක්වා වැඩි කළා. එදා නම් බොරුවට හරි ජාතික ආණ්ඩුවක් තිබුණා. දැන් ජාතික ආණ්ඩුවක් නැතිවත් ඇමතිවරු ගණන 48ට වැඩි කරන්න යනවා. 25 කරන්න පොරොන්දු වුණේ නෑ කියා රාජපක්ෂ ආණ්ඩුවෙන් ඉවත් වුණා. දැන් ඔන්න එජාපය නැවත ඇමතිවරු ගණන 48 දක්වා වැඩි කරන්න යනවා. ඔන්න ඇමතිතුමනි ඔබ තුමාට දැන් සටන පටන් ගන්න කාලය හරි. ගරු පාච රණවක ඇමතිතුමනි මේ ඔබේ අවධානය පිණිසයි.

– අරවින්ද අතුකෝරල



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More