විදේශ පුවත්

මැදිදුර න්‍යෂ්ටික මිසයිල ගිවිසුමෙන් ඉවත් වීමෙන් පසු නව මිසයිල පද්ධතියක් නිර්මාණය කිරීමට සැලසුම් කරන බව රුසියාව පවසයි.

රුසියානු ආරක්ෂක අමාත්‍ය සර්ජි ශොයිගු සඳහන් කළේ, ලබන වසර 2ක තුළ මෙම මිසයිල පද්ධතිය නිර්මාණය කර අවසන් කිරීමට අපේක්ෂා කරන බව ය.

අමෙරිකාව ඉවත් වීමෙන් අවලංගු වූ මෙම න්‍යෂ්ටික මිසයිල ගිවිසුමට අනුව දෙරටට කෙටි සහ මැදිදුර මිසයිල භාවිතය තහනම් වී තිබිණි.

රුසියාව මෙම ගිවිසුම කඩ කර ඇතැයි චෝදනා කළ අමෙරිකානු ජනාධිපතිවරයා ඉන් සිය රට ඉවත් කර ගන්නා බව ඉකුත් සතියේ ප්‍රකාශ කිරීමෙන් පසු රුසියාව ද සිය රට එම ගිවිසුමෙන් ඉවත් කර ගනු ලැබුවේ ය.

මෙම තත්ත්වය දෙරට, නව අවි එක් රැස් කර ගැනීමේ තරගයකට යොමු කරනු ඇතැයි ජාත්‍යන්තර විචාරකයෝ මත පළ කළහ.

යුරෝපීය රටවල් ආශ්‍රිතව අමෙරිකාව සහ රුසියාව මිසයිල ස්ථානගත කිරීමෙන් හට ගත් අර්බුදය සමනය කිරීමේ අරමුණින් මෙම මැදිදුර න්‍යෂ්ටික මිසයිල ගිවිසුමට දෙරට අත්සන් තැබුවේ 1987 වසරේදී ය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More