Uncategorized

2019 වසර සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත ඊයේ (05) පස්වරුවේ මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය.

ඒ අනුව 2019 වසර වෙනුවෙන් වූ සමස්ත රාජ්‍ය වියදම රුපියල් බිලියන 4450කි.

ඉන් රුපියල් බිලියන 2232ක් මුදලක් ණය සේවාකරණය වෙනුවෙන් වෙන් කර ඇත.

අමාත්‍යංශ සඳහා සිදු කර ඇති මුදල් වෙන් කිරීම්වලින් වැඩිම මුදල වෙන් කර ඇත්තේ ආරක්ෂක අමාත්‍යංශය වෙත ය.

එය රුපියල් බිලියන 392කි.

අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශය වෙනුවෙන් වෙන් කර ඇති මුදල රුපියල් බිලියන 291කි.

රාජ්‍ය පරිපාලන සහ ආපදා කළමනාකරණ අමාත්‍යංශය වෙත රුපියල් බිලියන 216ක් සහ සෞඛ්‍ය හා පෝෂණ අමාත්‍යංශය වෙනුවෙන් රුපියල් බිලියන 186ක් වෙන් කර ඇත.

මහා මාර්ග, මාර්ග සංවර්ධන සහ ඛණිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යංශය වෙත රුපියල් බිලියන 175ක් වෙන් කර ඇති අතර අධ්‍යාබන අමාත්‍යංශය වෙනුවෙන් මෙවර වෙන් කර ඇති මුදල රුපියල් බිලියන 104කි.

මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යංශය වෙනුවෙන් වෙන් කර ඇති මුදල රුපියල් බිලියන 183කි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More