දේශීය පුවත්

දෙමළ ඩයස්පෝරාවේ කොටි හිතවාදීන් පිරිසක් ලන්ඩන් නුවර පිහිටි ශ‍්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය ඉදිරිපිට දී විරෝධතාවක නිරත වී තිබේ.

ඒ, එම කාර්යාලය ජාතික නිදහස් දින සැමරුම වෙනුවෙන් සංවිධාන කළ උත්සවයක් අතරතුරය.

මෙරට දී ඊයේ (04) පැවැත්වුණු 71ක් වන ජාතික නිදහස් සැමරුමට සමගාමීව ලන්ඩන් නුවර පිහිටි ශ‍්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේදීද නිදහස් සැමරුමක් පැවැත් වුණි.

විරෝධතා පැවැත්වුවත් නිදහස් සැමරුම් උත්සවය බාධාවකින් තොරව සිදු කර ඇති අතර මෙම කොටි හිතවාදීන් පිරිස ඊයේ සවස් කාලයේදී තවත් විරෝධතාවයක් බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය නිල නිවස ප්‍රදේශයේදීද පවත්වා ඇත.

ඉකුත් 2018 වසරේ 70 වන ජාතික නිදහස් සැමරුම අවස්ථාවේ දී ද දෙමළ ඩයස්ෆෝරාවේ කොටි හිතවාදීන් පිරිසක් මෙලෙස ලන්ඩන් නුවර පිහිටි ශ‍්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය ඉදිරිපිට දී විරෝධතාවක නිරත වුණි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More