දේශීය පුවත්

රේගු වෘත්තීය සමිති සන්ධානය විසින් ගෙන යන වෘත්තීය ක‍්‍රියාමාර්ගය ආරම්භ කර අදට (05 දා) දින හතක් ගතවූවත් මෙතෙක් රජයෙන් ඊට විසඳුමක් නොලැබීම නිසා වෘත්තීය සමිති වඩාත් දැඩි ක‍්‍රියාමාර්ග ගැනීමට තීරණය කර ඇත.

මෙම වෘත්තිය සමිති ක‍්‍රියාමාර්ගය සමග එක්වීමට සුරාබදු වෘත්තීය සමිති දාහතරක්, බහලූම් ප‍්‍රවාහන සංගමය, නිමි ඇඳුම් අපනයන කරුවන්ගේ සංගමය, භාණ්ඩ නිශ්කාෂණ නියෝජිත සංගමය සහ දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ වෘත්තීය සමිති කිහිපයක්ද කැමැත්ත පළකර ඇති බවත් ඔවුන් සමග සම්බන්ධවී ඉදිරි වෘත්තීය ක‍්‍රියාමාර්ග පිළිබඳව අද (05 දා) සාකච්ඡුා කරන බවත් රේගු අධිකාරී සංගමයේ සභාපති උදිත ජයසිංහ මහතා ‘දිවයින’ට ප‍්‍රකාශ කළේය.

දැනට ක‍්‍රියාත්මක අකුරට වැඩ කිරීමේ ක‍්‍රියාමාර්ගය විසඳුම් ලැබෙන තුරු අඛණ්ඩව සිදුකරන බව කී හෙතෙම මේ නිසා මේ වන විට කන්ටේනර් හය දහසක් පමණ වරායේ හිරවී ඇතැයිද කීය.

සාමාන්‍යයෙන් දිනකට කන්ටේනර් 1200 කට වඩා වරායෙන් පිටවන නමුත් දැන් පිටවන්නේ කන්ටේනර් 200 ක් පමණ කී හෙතෙම මේ නිසා වෙළෙඳපොළේ භාණ්ඩ හි`ගයක් ඇතිවීමටද ඉඩ තිබෙන බවද කීවේය.

අල, ලූනු, පලතුරු වැනි දෑ අඩංගු කන්ටේනර් මුදාහරින නමුත් වියළි ආහාර ද්‍රව්‍ය ඇතුළත් කන්ටේනර් මුදාහැරීමක් සිදු නොවන බව කී හෙතෙම වෙළෙඳපොළට සැපයෙන භාණ්ඩවල හි`ගයක් ඇති වූවොත් භාණ්ඩ මිලෙහි වෙනසක් සිදුවීමට ඉඩ ඇතැයිද කීවේ.

රේගු වෘත්තිය ක‍්‍රියාමාර්ග නිසා මේ වනවිට රුපියල් කෝටි දෙසියයකට ආසන්න ආදායමක් නොලැබී යන තත්ත්වයක් මතුව ඇති නමුත් මෙම පාඩුව කොතරම් ද යන්න හෙට දිනයේ තොරතුරු තාක්‍ෂණ අංශය විසින් තක්සේරු කරනු ඇතැයිද ජයසිංහ මහතා පැවසීය.

තම වෘත්තීය සමිති වැඩ වර්ජනයකට නොයන්නේ එමගින් ගුවන් තොටුපළේ සහ වරායේ අපනයන කටයුතුවලට බාධා පැමිණෙන නිසා බවද අපනයන අඩාල වීමෙන් රටට හානියක් සිදුවන බැවින් තමන් මෙතෙක් නම්‍යශිලි ප‍්‍රතිපත්තියක නියැලෙන බවද හෙතෙම කීය.

කෙසේ වෙතත් බහලූම් ප‍්‍රවාහකයන්ගේ සංගමය වෘත්තීය ක‍්‍රියාමාර්ගයට සහාය ලබා දෙන නිසා කන්ටේනර් ප‍්‍රමාණය අඩාල වීමෙන් වරායෙන් භාණ්ඩ පැටවීමේ කාර්යය අඩාල විය හැකි බවද හෙතෙම ප‍්‍රකාශ කළේය.

ශ‍්‍රී ලංකා නිදහස් රේගු වෘත්තිය සමිති සංගමයේ ප‍්‍රධාන ලේකම් ඩබ්ලිව්. එම්. ආර්. පී. විජේකෝන් මහතා ප‍්‍රකාශ කළේ රේගු නියාමක නිලධාරි සංගමය සහ රේගු පරීක්‍ෂකවරුන්ගේ සංගමයද තම සංගමය සමග ඒකාබද්ධවී මෙම වෘත්තීය ක‍්‍රියාමාර්ගයට අඛණ්ඩව සහාය දෙන බවය.

රේගු අධ්‍යක්‍ෂ ජනරාල් චාල්ස් මහත්මිය ඉවත් කිරීම පිටුපස පාවිච්චි කරන ලද වාහන එකලස් කරන සහ අලෙවි කරන ව්‍යාපාරිකයකු සිටින බව කී විජේකෝන් මහතා තම වෘත්තීය ක‍්‍රියාමාර්ගයට සුදුසු විසඳුමක් නොලදහොත් ඉදිරියේදී දැඩි ක‍්‍රියාමාර්ග ගන්නා බවද කියා සිටියේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More