පුරවැසි කොලම

ශී‍්‍ර ලංකා ප‍්‍රජාතාන්ති‍්‍රක සමාජවාදී ජනරජයේ පාලන බලය හිමි වත්මන් ආණ්ඩුව විසින් මුළු රටම කිසිදු ගැටලූවක් නැති දුප්පත්කමින් තොර ලෝකයේ අංක එකේ දියුණු රාජ්‍යයක් බවට පත් කිරීමෙන් පසුව පී‍්‍රතියෙන් මුසපත්ව සිටින ජනතාව වෙනුවෙන් කරන්නම දෙයක් නැති තැන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට අනුව මෙතෙක් තිබූ ජාතික නිදහස් දින උළෙල යන්නෙහි මැදින් තිබුණු නිදහස් කෑල්ල කපා දමා එය ජාතික දින උළෙල බවට පත් කරනු ලැබුවේ නොබෝදාය.

එසේ ආණ්ඩුවටම ගැළපෙන පරදි මැදින් තිබුණු කෑල්ල කෑපීමෙන් පසු නිදහස ගැලවුණු ජාතික දින උළෙල ඊයේ (04 වැනිදා) කොළඹ ගාලූමුවදොර පිටියේදී පැවැත්වෙනු අපි රූපවාහිනියෙන් දුටුවෙමු.

එහිදී එක් අවස්ථාවක වැඩසටහන මෙහෙයවූ නිවේදකයා මෙස් කියනු අපට ඇසිණි. ‘ඔව් පසෙකින් පෙනෙන්නේ හැත්තෑඑක්වැනි ජාතික දින උළෙලට අභිමානයක් ගෙන දෙමින් ආචාර පෙළපාලියට සූදානම්ව සිටින මේ රටටත් සමස්ත ශී‍්‍ර ලාංකිකයන්ටත් සැබෑ නිදහස සහ සාමය දිනා දුන් අපගේ වීරෝදාර රණවිරුවෝය’

මේ කතාව ඇසුන කල්හි අපේ මතකයට මුලින්ම ආවේ ඊයේ පෙරේදා දිනක රණවිරුන්වන් මිනීමරුවන් කර ඔවුන්ට කෙළවන්නට කොටි ඩයස්පෝරාවෙන් තොරතුරු ඉල්ලා සිටි සිදුවීමය.

දේවනු මතකයට නැගුණේ ඉකුත් 2015 අගෝස්තුවේ සිට ආරම්භ වූ යහපාලනයේ සිට අද පවතින එජාපේ ආණුඩව දක්වා වූ කාලය තුළ රට බේරාගත් රණවිරුවන්ට අත්වූ ඛේදනීය ඉරණමය. එය තවමත් අවසන්ව නොතිබෙන්නක් බවද ස`දන් කළ යුතුය.

මේ රටටත් ජනතාවටත් නිදහස සහ සාමය දිනා දෙන්නට දිවිහිමියෙන් කැපවූ රණවිරුවන් කීදෙනෙක්ට පසුගිය යහපාලනය සහ වත්මන් ආණ්ඩුව සීඅයිඞීයේ කැකිල්ලේ විමර්ශන තුළින් සිර බත උරුම කර දුන්නේද?

ඉකුත් යුද සමයේදී සටනට ගිය සිය පුතුගේ, සැමියාගේ, පියාගේ සහ සහෝදරයාගේ රැුකවරණය, උණුසුම අහිමිව දහසකුත් කැපකිරීම් කළ දරුපවුල් කීයකට නම් ගෞරවාන්විත උත්තමාචාරය වෙනුවට දෑසට ක“දුළු එක් කළේද?

ඔවුනට නින්දා අපහාස කළේය. නින්දිත ලෙස සීඅයිඞීයට ගෙන්වා තමන්ට බලපෑම් සිදු කළ බව පසුගිය කාලය පුරාවට එක පෙළට සිරගත කළ, මේ රට ප‍්‍රභාකරන්ගේ ශාපයෙන් ගලවා ගන්නට දිවි දෙවැනිකොට කැපවීම් කළ රණවිරුවන්ගේ බිරින්දෑවරුම පසුව මාධ්‍ය ඉදිරියට පැමිණි කියන්නට වූහ.

සීඅයිඞීයේ කැකිල්ලේ විමර්ශන හමුවේ අදටත් සිරගතව සිටින රණවිරුවන්ගේ දරුවෝ සහ බිරින්දෑවරු මීට දෙදිනකට පෙර කොළඹ කොටුව දුම්රි ස්ථානය ඉදිරිපිටට පැමිණ ලෝකයටම හ`ඩනගා පැවසූවේ ඔවුන්ට අත්වූ ඛේදනීය ඉරණමේ තරම නොවේද?

ඔවුන් තමන්ගේ සැමියන් පියවරුන් වන මේ විරුවන්ට සිදුවන අසාධාරණය සහ ඒ හමුවේ තමන්ට අත්වී තිබෙන දුක පිළිබ`ද රටට ලෝකයට කී පළමු අවස්ථාවද මෙය නොවීය. අවස්ථා ගණනාවකදීම ඔවුහු හැ`ඩූ ක`දුළින් යුතුව ඒ වේදනාව පැවසූහ.

එහෙත් නූතන ෂර්ලොක් හෝම්ස්ලා විවිධ කතා ගොතමින් දිගින් දිගමට සිදු කළේ නින්දිත දඩයම ය. එහිදී ඉලක්ක බවට පත්වූයේ ප‍්‍රභාකරන්ගේ ශාපය මේ බිමෙන් තුරන් කරන්නට අසීමිත කැපකිරීම් කළ විරුවන්ය. ඉන් සතුටු වූවෝ විදේශගත කොටි ඩයස්පෝරාව සහ විජාතික ක`දවුර මෙන්ම එන්ජී ඕ කාලකණ්ණින් වූහ.

පොලිසිය එසේ කරද්දී සංහි`දියාව සහ සහජීවනය කියමින් ජාතියේ කොන්ද බි`දින්නට වූ ආණ්ඩුවේ ඇතැමුන් සහ සමහර අලජ්ජී නිලධාරීන් කළේ ජිනීවා දෙස බලා රට බේරාගත් විරුවන්ට මිනීමරු ලේබල් අලවමින් සියල්ල පාවාදීමය.

ආණුඩුව එසේ කරද්දී යුද්ධයට කැපවූ ජෙනරාල්වරු, අද්මිරාල්වරු හිරේ දාන තැන දක්වාම සීඅයිඞීයේ මහත්වරු පොරවල් වූහ. එහෙත් මෙසේ එක පෙළට රණවිරුවන් හිරේ දැමීම සිදුවුවද ඔවුන් මෙතෙක් සිදු කළ එකදු විමර්ශනයකදීවත් රණවිරුවන්ට එරෙහිව එල්ල කෙරුණු මිනීමැරුම් චෝදනා ඔප්පු කරන්නට පැහැදිලි සාක්ෂි කිසිවක් මේ ෂර්ලොක්හෝම්ස්ලා සතුව නැති බව වරින් වර ඔවුන් අධිකරණ වෙත පැමිණ ඔවුන් ස`දහන් කරන වැල්වටාරම් දෙස බලන විට පෙනීයන්නේය.

ඇතැම් කේවට්ටයන්ට නම් මයික‍්‍රෆෝනයක් ඉදිරිපිටට ගොස් රට බේරාගත් විරුවන්ට එරෙහිව ඕනෑම පජාත කතාවක් කරන්නට පුළුවන. එහෙත් පැහැදිලිව අපට නම් පෙනෙන්නට තිබෙන්නේ මේ කිසිත් ඔප්පු කරන්නට සීඅයිඞීය සතුව පැහැදිලි සාක්‍ෂි නැතැයි යන්නය.

මේ සෑම විමර්ශනයකම අවස්න ඉලක්කය වී තිබුණේ හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතාය. කෙසේ හෝ ඔහුව එක් සිදුවීමකට පටලවා සිරගත කිරීම අරමුණ විය. එහෙත් අදටත් එය ඇත්තේ වැරදුණු කුරුමානම කියන තැනය.

පසුගිය කාලයේ දිගින් දිගටම රණවිරුවන් හිරේ දමමින් සිදු කළ එක්නැලිගොඩ, ලසන්ත වික‍්‍රමතුංග, තාජුඞීන්, කීත් නොයාර්, රවිරාජ්, වැල්ලවත්තේදී තරුණයන් පස් දෙනකු පහැර ගැනීම ආදී වශයෙන් වූ සෑම විමර්ශනයකදීම සිදු කෙරුණේ එසේ ගෝඨා පසුපස යෑම හැර අන් කුමක්ද?

මෙසේ ගෝඨාභය රාජපෂ මහතා පසුපස යෑමේ ඉලක්කයට අනුව පසුගියදා රේගු අධ්‍යක්‍ෂ ජෙනරාල් ලෙසට පත්කිරීමට සූදානම් වූ විශ‍්‍රාමික රියර් අද්මිරාල් ශ්‍යාමල් ප‍්‍රනාන්දු කරන ලද ප‍්‍රකාශයක් මත පදනම්ව වැල්ලවත්තේදී තරුණයන් පස් දෙනකු පැහැරගත්තේ යැයි කියන සිද්ධිය හිටපු නාවික හමුදාපති අද්මිරාල් වසන්ත කරන්නාගොඩ දෙසට හරවා එතැනින් ගෝඨාභය රාජපක්‍ෂ මහතා දෙසට යෑමේ සීඅයිඞීයේ සුදානමක් තිබෙන බවක්ද මීට දෙදිනකට පෙර අපට වාර්තා විය.

මෙම සිදුවීමේ මුල්ම පැමිණිලකරු අද්මිරාල් වසන්ත කරන්නාගොඩය. එහෙත් සීඅයිඞීය මේ සැරසෙන්නේ පැමිණිල්ල විත්තිය කර සැබෑ විත්තිකරුවන් රාජයේ සාක්ෂිකරුවන් බවටවත් පෙරළා ගෝඨාභය සොයා යෑමටද? එක් අතකින් බලන කළ යහපාලනයෙන් තරුපටි ඇ`දගත් අද සීඅයිඞීයේ සිටින ඇතැම් ලොක්කන් රජයේ සාක්‍ෂි මත යැපෙමින් සිදු කර ඇති අතීත කෙරුවාවල් බලන කල ඕනෑම අලජ්ජී වැඩක් කිරීම ඔවුන්ට කිරිකජුය.

එසේම මේ දිනවල ඉතා සංවේදී විමර්ශනයක යෙදී සිටින එක්තරා බුද්ධි නිලධාරියකු වැල්වත්තේදී තරුණයන් පස්දෙනකු පැහැරගත්තේ යැයි කියන සිද්ධියට සම්බන්ධ කර අත්අඩංගුවට ගැනීමට සැරසෙන බවක්ද ඊයේ අපට පොලිස් මූලස්ථානයෙන් වාර්තා විය. සංවේදී විමර්ශනයක සිටින බුද්ධි නිලධාරියකු අත්අඩංගුවට ගනිමින් සීඅයිඞීය මේ ඉටුකරන්නට හදන්නේ කාගේ කොන්ත‍්‍රාත්තුවක්ද?

නිදහස හලන ලද ජාතික දින උත්සවය ඊයේ ගෝල්ෆේස් පිටියේදී ආණ්ඩුව සමරණු ලැබුවේ රටට සැබෑම වූ නිදහස දිනා දුන් රණවිරුවන් දඩයම් කරමින් අද සීඅයිඞීය කරන විමර්ශනවල සැබෑ කතාව මෙසේ වී තිබියදීය.

සත්‍ය එසේ වෙද්දී නිදහස හලන ලද 71 වැනි ජාතික දිනයේදීත් ජාතියට නිදහස දිනා දෙන්නට දිවිහිමියෙන් කැපවූ රණවිරුවන් හය දෙනකුම සිටියේ සිරගතවය. ඉන් දෙදෙනකු වන්නේ අත්අඩංගුවට ගත් ප‍්‍රබල කොටි ත‍්‍රස්තවාදියකු ඝාතනය කළේ යැයි චෝදනා කර මරණීය දණ්ඩනය නියම වී දුම්බර බන්ධනාගාරයේ ර`දවා සිටින යුද හමුදා සන්නද්ධ බුද්ධි බළකායේ මේජර් ඩික්සන් රාජමන්තී‍්‍ර සහ කෝප‍්‍රල් රාජකරුණාය.

අවසන් සටනේදී කොටින්ගේ මුලතිව් ‘වන් ෆෝ බේස්’ බලකොටුව බි`ද දමමින් පෙරට ගොස් මුලතිව් කොටි හදවත අල්ලාගත් යුද හමුදා 59 වැනි සේනාංකයේ බුද්ධි ප‍්‍රධානියා ලෙස එදා කටයුතු කරනු ලැබුවේ මේජර් ඩික්සන් රාජමන්තී‍්‍ර මේ රටේ ජනතාවගේ දැනගැනීම පිණිස මෙහිදී ස`දහන් කළ යුතුය.

සීඅයිඞීයේ නූතන කැකිල්ලේ විමර්ශන හමුවේ අනෙක් සිව්දෙනාම සිටින්නේ වැලිකඩ බන්ධනාගාරයේ ය. ඒ යුද හමුදා බුද්ධි බළාකයේ ලූතිනන් කර්නල් එරන්ත පීරිස්, කෝප‍්‍රල් උළුගෙදර සහ නාවික බ්ුද්ධි බළකායේ ලූතිනන් කමාණ්ඩර් සුමේධ සම්පත් දයානන්ද සහ ලූතිනන් කමාණ්ඩර් ප‍්‍රසාද් චන්දන හෙට්ටිආරච්චිය.

මේ ලූතිනන් කර්නල් එරන්ත පීරිස් යනු කවරෙක්ද? මෙය කියවන මිනිසුනේ දැනගන්න අවසන් සටන නැගෙනහිරින් ඇරඹී තිබියදී දහසකුත් කැපකිරීම් මත එල්ටීටීඊයේ අවසානයේ ආරම්භය සිදුකරන්නට බොහෝ දේ සිදුකළ නිලධාරියෙකි. ඇතැම් අවස්ථාවල එල්ටීටීයෙන් වෙන්වූ කරුණා පාර්ශ්වයේ සාමාජිකයන් උපක‍්‍රමශීලීව හසුරුවමින් ඔහු කළ කාර්යයන් බොහෝ සුවිශේෂී විය. ඒ කිසිත් මෙහිදී හෙළි කළ නොහැකි කරුණුය.

එක්නැලිගොඩ සිද්ධියේ චූදිතයකු ලෙගස සීඅයිඞීය ඔහුව අත්අඩංගුව ගන්නේ ති‍්‍රකුණාමලය හත්වන බුද්ධි බළකායේ අණදෙන නිලධාරියාව සිටියදීය

නාවික හමුදා බුද්ධි බළකායේ ලූතිනන් කමාණ්ඩර් සුමේද සම්පත් පිළිබ`දවද කීමට දේ බොහෝ ඇත. කොළම වැල්ලම් පිටියේදී දෙමළ තරුණයන් දෙදෙනකු පැහැරගත්තේ යැයි කියමින් චෝදනා එල්ල වී ඇති ඔහු අත්අඩංගුවට පත්වන අවස්ථෘවේ ශී‍්‍ර ලංකා නාවික හමුදා මැරීන් බළකායේ දෙවන අණදෙන නිලධාරියා විය.

ඊටත් වඩා වැදගත් වූ මෙතෙක් හෙළි නොකළ සුවිශේෂී කරුණක්ද ඇත. මෙය කියවන ඔබ අවිස්සාවෙල්ල සාලාව යුද හමුදා අවිගබඩාව පුපුරා ගිය අවස්ථාවේ සිදුවූ විනාශය දුටුවා විය යුතුය. එහෙත් ඉකුත් යුද සමයේ සාලාව මෙන් හත්අට ගුණයක් විශාල ශී‍්‍ර ලංකා රජයේ ප‍්‍රධාන අවිගබඩාව රැුකගැනීමේ වගකීම භාරව කටයුතු කළ නාවික හමුදා බුද්ධි ඒකකයට නායකත්වය දුන්නේ ලූතිනන් කමාණ්ඩර් දයානන්දය.

එම අවිගබඩාව එදා කොළඹ ආසන්න

නගරයක පිහිටා තිබුණක් විය. ඒ අනුව නිකමට හෝ දයානන්දලාගේ සේවයේ යම් අතපසු වීමක් සිදු කෙරුණේ නම් එදා යුද්ධය නතර කිරීමේ තීරණාත්මක කරුණක් බවටද එය පත්වීමට ඉඩ තිබිණි. එහෙත් එසේ සිදු නොවීය. දයානන්දලා ජීවිත පරිත්‍යාගයෙන් සිය යුතුකම් ඉටු කළේය. එදා එල්ටීටීඊය අවස්ථා කිහිපයකදීම එම අවිගබඩාව පුපුරවා හැරීමට උත්සාහ ගත්තද සියල්ල වැලකී ගියේ දයානන්දලාගේ කැපවීම නිසාය.

වරක් පාර්ලිමේන්තු මන්ති‍්‍ර නඩරාජා රවිරාජ් ඝාතනයට අත්අඩංගුවට ගෙන වසරකටත් උධික කාලයක් සිරගතව සිට ඉන් නිදොස් කොට නිදහස් කිරීමේන් පසු වැල්ලවත්තේදී තරුණයන් පැහැරගත්තේ යැයි කියමින් යළි අත්අඩංගුවට ගැනීමෙන් පසු මේ වන විට වැලිකඩ බන්ධනාගාරයේ ර`දවා සිටින ලූතිනන් කමාණ්ඩර් ප‍්‍රසාද් චන්දන හෙට්ටි ආරච්චිගේ කතාවද එසේමය.

එදා අවසන් සටනේදී කොළඹ වරාය කොටි ප‍්‍රහාරයකින් වැලකී ගියේ යම්සේද ඒ සියල්ල පිටුපස සිටියේ චන්දන හෙට්ටිආරච්චිය. එදා කොළඹ වරාය භාරව සිටි නාවික හමුදා බුද්ධි ඒකකයට නායකත්වය දුන්නේ ඔහුය.

කෝප‍්‍රල් උළුගෙදරගේ කතාවද එවැන්නකි. නැගෙනහිර මානුෂීය මෙහෙයුමේදී මෙන් අවසන් සටනේදීද බුද්ධී නිලධාරියකු ලෙස දහසකුත් දේ කළ කෝප‍්‍රල් උළුගෙදර යුද හමුදා සන්නද්ධ බුද්ධි බළකායේ සිටි දෙමළ ජාතිකයකුටද වඩා හො`දින් දෙමළ බස හැසිරවූ නිලධාරියේ.

ඒ හැකියාව හමුවේ එල්ටීටීඊය රවටා කෝප‍්‍රල් උළුගෙදර විසින් රහසිගත තොරතුරු සොයා ත‍්‍රස්තවාදීන්ට අමතක නොවන පාඩම් ඉගැන්වූ අවස්ථා අවසන් සටනේදී බොහෝ තිබිණි.

ආණ්ඩුව නිදහස හලා ජාතික දිනය සමරද්දී අප කී පරිදි සිරගතව සිටියේ මේ විරුවෝය. එහෙත් අපට ගැටලූව වන්නේ පොලිසිය දිගින් දිගටම පිස්සු කෙළිද්දී ඒවායෙහි ගොදුරු ලෙස මේ වීරයන් තවදුරටත් සිරගතව සිටිය යුතුද යන්නය.

දැන් පොලිසිය ඇත්තේ ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මහතා යටතේය. එනිසා සීඅයිඞීය සිදුකරන පාපකාරී, විනාශකාරී මේ පාවාදීම නතර කිරීම හෙට දිනයේම සිදුවනු ඇතැයි රට බේරා ගැනීමට කැපවූ සියලූ විරුවන්ගේ එකම බලාපොරෙත්තුව බවට අද පත්ව ඇත.

සමන් ගමගේ



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More