පළාත් සභා මැතිවරණය පැවැත්වෙන කාලසීමාව සම්බන්ධයෙන් අද(05) දිනයේ පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී අවසන් තීරණයක් ගැනීමට නියමිත බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.
සියලු පළාත් සභාවල මැතිවරණය එළඹෙන මැයි මස 31 වැනිදාට පෙර එකම දිනයකදී පැවැත්විය යුතු බවට යෝජනා කරමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පසුගිය සතියේ පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමට යෝජනාවක් ඉදිරිපත් කර තිබුණි.
එම යෝජනාව සම්බන්ධයෙන් විෂය බාර අමාත්‍ය වජිර අබේවර්ධන මහතා විසින් අද පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල රැස්වීමට සිය නිරීක්ෂණ ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ඒ අනුව අද පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී මේ සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීමට නියමිත බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...