යෝජිත ජාතික ආණ්ඩුව පිළිබඳ ඉදිරියේ දී ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාට කරුණු පැහැදිළි කිරීමක් සිදු කරන බව ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි.
වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු පවසා සිටියේ “අගමැතිතුමා තීරණයක් අරන් තියෙනවා ජාතික ආණ්ඩුවක් බිහි කරන්න.. ඒ අනුව අවශ්‍ය පාර්ලිමේන්තු අනුමැතිය ලබා ගැනීම තමයි මගේ වගකීම. මේක ජනාධිපතිතුමා සමග කතා කරලා බේරුමක් කරගන්න පුළුවන්. ප්‍රශ්නයක් නෑ.. එජාපයේ පසුපෙළත් දැඩි විරෝධතාවයක් නෑ..ඡන්දය දෙන දවසට බලා ගන්න පුළුවන්නේ. නීතියේ තියෙන්නේ පාර්ලිමේන්තුවේ අනුමැතිය ගන්න ඕනේ කියලා.” යනුවෙනි.
තමන් ජාතික ආණ්ඩු යෝජනාවට විරුද්ධ බව ජනාධිපතිවරයා ඊයේ (04) පැවති ජාතික නිදහස් දින සැමරුම් උත්සවය අමතමින් කියා සිටියේය.
කෙසේවෙතත් පාර්ලිමේන්තු මන්ත‍්‍රී එස්. බී. දිසානායක ඊයේ (04) කියා සිටියේ අමාත්‍ය ධුර සංඛ්‍යාව වැඩි කිරීමට ව්‍යවස්ථාව අනුව බලය ඇත්තේ ජනාධිපතිවරයාට පමණක් බවයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...