ව්‍යවස්ථාවක් සකස් කළ පමණින් රටේ ප‍්‍රශ්න නොවිසඳෙන බව මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමෝ පැවසූහ.
දේශපාලන පක්‍ෂ හේතුවෙන් රට ක‍්‍රමයෙන් ආපස්සට තල්ලූ වී ඇති බවත් උන්වහන්සේ කීහ.
කාදිනල්තුමන් මේ බව සඳහන් කළේ නිදහස් දිනය නිමිත්තෙන් කොළඹ 2 ශුද්ධ වූ ජපමාල දෙව්මැඳුරේ ඊයේ (04 වැනිදා) පැවති විශේෂ දේව මෙහෙයේ දී ය.
රට ගොඩනැගීමට නම් සියලූ දේශපාලන පක්‍ෂ නායකයන් සේම ආගමික නායකයන්ද එක් වීමේ අවශ්‍යතාව පෙන්වා දුන් උන්වහන්සේ දේශපාලන පිල් බෙදීම් නිසා ජනතා අපේක්‍ෂා ඉටු නොවන බව පැවසූහ. සියලූ දෙනා හදවතින් රට ගැන කල්පනා කළ යුතු යැයිද රටක පැවැත්මට ජාති, ආගම්, කුල භේද අනවශ්‍ය යැයිද උන්වහන්සේ සඳහන් කළහ.
මෙම දේව මෙහෙයට දේශපාලන නියෝජිතයෝ කිහිප දෙනෙක්ද සහභාගි වී සිටියහ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...