දේශීය පුවත්

දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන් සහ උතුරේ පළාත් පාලන ආයතන නියෝජිතයින් උතුරේ නිදහස් දින සැමරුම් වර්ජනය කර තිබේ.

දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්තී‍්‍ර චාල්ස් නිර්මලනාදන් මාධ්‍ය වෙත පවසා ඇත්තේ උතුරු නැගෙනහිර දෙමළ ජනතාව බලාපොරොත්තු වන නිදහස තවමත් එම ජනතාවට ලැබී නොමැති නිසා මෙලෙස වර්ජයේ යෙදෙන බවය.

වව්නියාව නගර සභා කී‍්‍රඩාංගනයේ පැවැති නිදහස් දින සැමරුම් උත්සවයට ද එම සන්ධානයේ මන්තී‍්‍රවරුන් හා පළාත් පාලන ආයතන නියෝජිතයින් සහභාගී වී නැත. එම නිදහස් දින සැමරුම් උත්සවය වව්නියාව දිස්ති‍්‍රක් ලේකම් අයි එම් හනීෆාගේ ප‍්‍රධානත්වයෙන් පවත්වා ඇත.

මේ අතර ජාතික නිදහස් දින සැමරුමට විරෝධය පළ කරමින් යාපනය විශ්ව විද්‍යාල පරිශ‍්‍රයේ අද කලූ කොඩි ඔසවා තිබේ. උතුරු නැගෙනහිර ඉඩම් නිදහස් නොකිරීම සහ උතුරේ ජනතාව වෙනුවෙන් රජය ලබා දුන් පොරොන්දු ඉටු නොකර රජය නිදහස් දින සැමරුමක් පැවැත්වීමට විරුද්ධ බව එම විශ්ව විද්‍යාලයේ සිසුන් පවසා තිබේ.

උතුරු නැගෙනහිර ජනතාවගේ ගැටලූ වෙනුවෙන් විසඳුම් ලබා දෙන ලෙස ඉල්ලා වව්නියාව, කිලිනොච්චිය සහ යාපනයේ ද අද විරෝධතා පවත්වා ඇතිඅතර මෙම විරෝධතාවට තමන් ද පූර්ණ සහය ලබා දෙන බව නිවේදනයක් නිකුත් කරමින් උතුරු පළාත් හිටපු ප‍්‍රධාන අමාත්‍ය සී වී විග්නේෂ්වරන් ද පවසා තිබේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More