පුරවැසි කොලම

හමුදාව උත්තමාචාර කරයි. දේශපාලුවෝ එනකම් හමුදාවේ කොල්ලෝ ගිනි අව්වේ ඉදීවී.පාසල් දරුවෝ ජයමංගල ගාථා කියමින් සුභ පතන්නට අව්වේ කරවෙයි.සුපුරුදු පරිදි ජනාධිපති කතා කරයි. දේශපාලුවෝ පුටු රත්කොට පිටවෙලා යාවී.

නිදහස් ලංකාවේ හැම පැතිකඩකින්ම ගිජුලිහිනියන් අත්තටු ගසමින් තම ගොදුර එන්නා සේ හතරවටින් තම ප්‍රනීත ගොදුරට පැමිණෙන බව නොපෙනේ ගොදුර අලවිකරන මුදලාලිලාට පමණි.

අපේ රටේ සම්පත් මීට වසර 71 පෙරත් නොරටුන් කොල්ලකා ගියා එහෙත් ඔවුන් තම භාණ්ඩ හුවමාරු කරගන්න හැදූ පාරවල් පාලම් තියා ගියේ ගෙනියාගත නොහැකි නිසාය.සමහරු කිව්වේ සුද්දා රට සංවර්ධනය කලා කියලයි.

71 වසරක් ගතවී තිබුණත් ක්‍රමයෙන් නොරටුන්ට වෙනත් ආකාරයෙන් මාතෘ භූමිය ගොදුරු වෙමින් පවතින ආකාරය නොදකින තරමට ලාංකිකයන් වල්මත් කොට ඇත.

සුද්දා ලංකාවට එන්න පෙර ශ්‍රි ලාංකිකයන් ස්වාධීනව සාමකාමීව ජිවත් විය.සුද්දා පැමිණ කලේ ඒ ස්වාධීන රට අපට අහිමි කොට අපේම වුන් අපිට විරුද්ධව පෙලගස්වා අපි අපි මරා ගන්නා ආකාරය දැක අසික්කිත වින්දනයක් ඔවුන් ලැබීය. කලක ඉදන් මුදලාලිලා බලාපොරොත්තු වූ නොරටුන්ගේ ගොදුර වර්තමානයේ ද ෆෙඩරල් ව්‍යවස්ථාවක් බලෙන් පටවා මේ රට කෑලිවලට කඩා බෙදා වෙන්කොට දුර්වල කරමින් එදා වූ දේ අද ප්‍රතිනිර්මාණයක් කරමිනි.

අපේ රටේ සම්පත් රට වැසියන්ට පරිහරණය කරන්නට නොදී ඔවුන් ඒ සියල්ල තලුමැරීය. වර්තමානයේ ද එය එසේ ප්‍රතිනිර්මාණය වෙමින් ඇත. වාරාය ගුවන් තොටුපොළ වගේ නව සම්පත් මෙන්ම අපේ රටේ පැරණි සම්පත් ද නොරටුන්ට ගොදුරු කරගන්න දී එකිනෙකා මරාගනී.

එක්ටා වගේ ගිවිසුම් ගසා මේ රටේ ශ්‍රමිකයන්ට තිබෙන අයිතිය ඔවුන්ට කප්පම් ගෙවන දොලපිදේනි දෙන්නන් අතට පත් කරන්නේ අතීතය ප්‍රතිනිර්මාණය කරමිය.

සුද්දා ලංකාවට පැමිණ නොයෙක් අයුරින් බදු ගසා ජනතාව පීඩනයට පත් කල අතර ඔවුන්ගේ සුවචකීකරු දරුවන් සේ වර්තමානයේ මැනවින් එය අනුගමනය කරති.

මේ සියල්ලටම නොදෙවෙනි ලෙසින් ශාසය විනාශ කිරීමද නොරටුන් විසින් හසුරුවන භික්ෂුන් විසින් එදා මෙන් අදත් කරති. මේ රට නොරටුන්ට සිතැඟි පරිදි ගිලගන්න දෑහිතකාමී භික්ෂුන් වහන්සේ ඉඩ නොතිබ්බේය.වර්තමානයේ ද භික්ෂුන් වහන්සේලා ඔවුන්ට ඒ කාර්‍යය කරන්න ඉඩනොදෙන නිසා භික්ෂුන් වහන්සේ ඔවුන්ගේ ප්‍රධාන ඉලක්කය වී ඇත.

අතීතයේ අපේ ස්වෛරී බව අපට අහිමි කළ නොරටුන් වෙනත් වටයකින් මේ කරන්නෙත් අපේ ස්වෛරී බව අහිමිකරමින් ඔවුන්ගේ අල්ලේ නැටවෙන ජාතියක් බවට පත් කිරීම නොවේද?

අතීතයේ ඒ සදහා නොරටුන්ට රෙදිනැතිව කඩේ ගොස් තම ජාතියේ මරණවරෙනතුව ඔවුන්ගේ ජිවිකාව ලෙසින් දැක ක්‍රියා කළ මනා පලපුරුද්දක් ඇති වර්තමාන නියෝජනය පෙරටත් වඩා ඒ කර්තව්‍යය හොදින් ඉටුකරමින් පවතී.

වෙන කවරදාකටත් වඩා නොරටුන්ට සතුටු විය හැකි නිදහස් දිනයක් සේ ඉතිහාසයට 71 වන නිදහස් වචනයත් නැති ජාතික දිනය එක්වනු නොවනු මානය.

ඉන්දියානුවන්ගෙන් චීනුන්ගෙන් ඇමරිකානුවන්ගෙන් ජපන්නුන්ගෙන් මේ රට ගලවා ගන්නට අනාගතයේ අපට උරුම අතීතය ප්‍රතිනිර්මාණය වීමද නොවනුමානය.

ඒ වෙනකොට එවැනි මනසකින් යුතු පිරිසක් සොයා ගන්නට හැකිවේ දැයි ප්‍රශ්නයකි.සියල්ල ස්මාට් වෙමින් පැවතියත් රට මුදවා ගැනීම ස්මාට් ක්‍රමයෙන් කල නොහැක.

ස්මාට් බෞද්ධයන්ටවත් ස්මාට් දේශප්‍රේමීන්ටවත් ස්මාට් තරුණයන්ටවත් ස්මාට් වැඩිහිටියන්ටවත් නොරටුන් මේ රට ගොදුරු කරගැනීම ප්‍රශ්නයක් නොවන්නේ ඔවුන්ද ගොදුරු විකුණන මුදලාලිලාගේ ගොදුරු බවට පත් වෙමින් සිටින නිසාවෙනි.

මේ රට රකින්නට ඇති එකම සාධක වන්නේ නිර්මල බුදු දහම පවතින රට වීමය.බුදු සසුන රැකෙන්නට රට ආරක්ෂා කරමු.

සියල්ල තීරණය වන්නේ නොරටුන් මත නම් අපට නිදහසක් තිබේදැයි ඔබ සිතුවාද ?

තෙරුවන් සරණයි

පූජ්‍ය දෙහිපේ චන්දවිමල හිමි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More