දේශීය පුවත්

ලෝක උරුම සිංහරාජ වනාන්තරයේ වඳවීමේ තර්ජනයට මුහුණ පා ඇති දුර්ලභ ගණයේ ජීවීන් කෘමි සත්ත්වයන් සහ ඇතැම් ශාක කොටස් රාශියක් රහසිගතව සිංහරාජයේ කුඩව පිවිසුම් මාර්ගයෙන් පිටතට ගෙන යෑමට තැත් කළ ස්ලෝවැකියානු ජාතිකයන් පස්දෙනකු සිංහරාජ වන සංරක්‍ෂණ මධ්‍යස්ථානය මගින් පෙරේදා (02 දා* අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන සඳහා කලවාන අඩවි වන කාර්යාලයට භාර දී තිබේ.

මේ විදෙස් සංචාරක පිරිස ජනවාරි 15 වැනිදා දිවයිනට පැමිණ ඇති අතර පසුගිය 28 වැනිදා මේ පිරිස සිංහරාජයේ සංචාරක හෝටලයක නතර වී ඇත.

මේ පිළිබඳව අදහස් දැක්වූ කලවාන අඩවි වන කාර්යාලයේ ප‍්‍රධාන නිලධාරි ආර්. එම්. එල්. රත්නවීර මහතා මේ විදෙස් සංචාරකයන් පස්දෙනා සිංහරාජය ආශ‍්‍රිත හෝටලයක නතර වී ඉතා සූක්‍ෂම ලෙස මේ කටයුතු සිදුකර තිබෙන බව පැවසීය. රාත‍්‍රි කාලයේදී සිංහාරජයට ඇතුළුවන මේ පිරිස අලංකාර සමනලයන්, විවිධ වර්ගයේ කෘමි සතුන්, සළඹයන්, ඇතැම් දුර්ලභ ශාක කොටස්, ඒකදේශීක ශාක වර්ග, සතුන් ආදිය එකතු කර ඇතැයි ද මේ පුද්ගලයන් රාත‍්‍රි කාලයේ වනයට ඇතුළු වූ බවට පැහැදිලි සාක්‍ෂි ඇති බව ද හෙතෙම පැවසීය. මොවුන් සතුව තිබු විදුලි පන්දම්, නයිට් විෂන් කැමරා, ඩ්‍රෝන කැමරා වැනි අධි තාක්‍ෂණික උපකරණ අත්අඩංගුවට ගෙන ඇත.

මේ සංචාරකයන් පිරිස ඉතාමත් සූක්‍ෂම හා සැලසුම්ගත ලෙස මේ ක‍්‍රියාවේ යෙදී ඇති බව ද පසුගිය 02 දා ඔවුන් දෙවැනි වරට සිංහරාජ වනයට ඇතුළු වී පිටතට පැමිණෙන විට පෙරවරු 10.00 ට පමණ අත්අඩංගුවට ගත් බව ද අඩවිවන නිලධාරිවරයා පැවසීය. ඒ වන විටත් මොවුන් සන්තකයේ සතුන් විශාල ප‍්‍රමාණයක් තබාගෙන සිට ඇති අතර ඔවුන් සජීවීව තබාගත හැකි ආකාරයට සූදානම් කර තිබී ඇත.

ඒ සඳහා විශේෂ රසායනික පාවිච්චි කර තිබූ බවත්, ඔවුන්ට ජීවත්වීමට හැකි පරිදි වටපිටාව සකසා පෙට්ටිවල සිරකර තිබුණු බවත්, සතුන් අල්ලා ගැනීමේ තාක්‍ෂණික මෙවලම්, ශාක කැපීමට අවශ්‍ය පිහි වර්ග, කෙටේරි ද නයිට් විෂන් කැමරා අධි ආලෝකය සහිත විදුලි පන්දම් ද මොවුන් සතුව තිබූ බවත් අඩවි වන නිලධාරි රත්නවීර මහතා තවදුරටත් පැවසීය. හෙතෙම වැඩිදුරටත් මෙසේ ද කීය.

සිංහරාජය ලෝක උරුම රක්‍ෂිතයක්. වන සත්ත්ව සංරක්‍ෂණ ආඥා පනත යටතේ මේ සැකකරුවන් සිදුකර ඇත්තේ ලොකු වරදක්. මේ සතුන් සියලූ දෙනාම පාහේ රක්‍ෂිත සතුන් ලෙස නම් කර තිබෙනවා. සතුන් හා කුරුල්ලන් ද ඒක දේශීය සතුන්. මෙපමණ සතුන් හා ශාක කොටස් මීට පෙර ලංකාවේදී අත්අඩංගුවට ගෙන නෑ.

සැකකරුවන් බී වාර්තාවක් මගින් රත්නපුර මහෙස්ත‍්‍රාත්වරයා වෙත යොමු කිරීමට නියමිත බවත්, අධිකරණ නියෝග මත ඉදිරි කටයුතු සිදුවන බවත් ආර්. එම්. එල්. රත්නවීර මහතා පැවැසීය.

මෙම වැටලීම කලවාන අඩවි වන නිලධාරි රත්නවීර මහතාගේ උපදෙස් මත සිංහරාජ වන සංරක්‍ෂණ මධ්‍යස්ථානයේ බීට්ටුවන නිලධාරීන් වන පී. ඞී. අනුර, එම්. ජේ. මංජුල කුමාර, වන ව්‍යාප්ත නිලධාරි සුරංග බණ්ඩාර, සිංහරාජ මාර්ග උපදේශක සුනිල් හඳුවල, තරංග ප‍්‍රදීප්, සුසන්ත මුණසිංහ, පී. පී. එන්. ගමගේ යන නිලධාරීහු සහභාගි වූහ.

කලවාන – රණසිංහ ආරච්චි



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More