දේශීය පුවත්

71 වැනි ජාතික දින සැමරුම් උළෙල ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් අද (04දා) පෙරවරු 8.00 ට ගාලූ මුවදොර පිටියේදී අභිමානවත් ලෙස පැවැත්වේ.

අද පෙරවරු 6.30 ට බෞද්ධ, හින්දු, ඉස්ලාම්, කතෝලික සහ කි‍්‍රස්තියානි ආගමික කටයුතු වලින් අනතුරුව පෙරවරු 7.30 ට මහාමාන්‍ය ඞී. එස්. සේනානායක මහතාගේ පිළිරුව අබියස පුෂ්පෝපහාර ප‍්‍රණාමය සිදුකෙරේ.

පෙරවරු 8.00 සිට ආරාධිත අමුත්තන් අසුන් ගැනීම සිදුවන අතර අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන ඇමැති වජිර අබේවර්ධන මහතා සහ නාමල් අබේවර්ධන මහත්මිය පෙරවරු 8.33 ට අසුන් ගැනීමට නියමිතය. කථානායක කරු ජයසූරිය මහතා සහ වෛi වසන්තා ජයසූරිය මහත්මිය පෙරවරු 8.36 ට අසුන් ගැනීමට නියමිතය.

අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා සහ මහාචාර්ය මෛත‍්‍රි වික‍්‍රමසිංහ මහත්මිය පෙරවරු 8.38 ට අසුන් ගැනීමට නියමිත අතර මාලදිවයින් ජනාධිපති ඉබ‍්‍රහිම් මොහොමඞ් සෝලීහ් සහ ෆස්නා අහමඞ් මහත්මිය විශේෂ ආරාධිතයන් ලෙස පෙරවරු 8.40 ට අසුන් ගැනීමට නියමිතය.

ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා සහ ජයන්ති සිරිසේන මහත්මිය පෙරවරු 8.45 ට අසුන් ගැනීමට නියමිත අතර ආරක්‍ෂක මාණ්ඩලික ප‍්‍රධානී ති‍්‍රවිධ හමුදාපතිවරුන් සහ පොලිස්පතිවරයා විසින් ජනාධිපතිවරයා ප‍්‍රධාන කොඩි කණුව අසලට කැඳවා ගෙන යාම පෙරවරු 8.47 ටත්, මඟුල් බෙර වාදනය, සක් පිඹිම මධ්‍යයේ ජනාධිපතිවරයා විසින් ජාතික ධජය එසවීම පෙරවරු 8.50 ටත් සිදුකෙරේ.

ශ‍්‍රී ලංකාවේ ස්වාධීනත්වයේත්, ස්වෛරී භාවයෙත්, භෞමික අඛණ්ඩතාවයේත් තිර පැවැත්ම වෙනුවෙන් දිවිපි¥ සියලූම ශ‍්‍රී ලාංකිකයන් අනුස්මරණය කිරීම සඳහා පෙ.ව.09.05 ට විනාඩි 02 ක නිශ්ශබ්දතාවක් පැවැත්වේ. ජනාධිපතිවරයා වෙනුවෙන් ආචාර වෙඩි මුර 21 ක් පිරිනැමීමෙන් පසු පෙරවරු 9.13 ට ජනාධිපතිවරයා විසින් ජාතිය අමතනු ඇත. ශ‍්‍රී ලංකා නාවික හමුදාව විසින් ජාතිය වෙනුවෙන් ආචාර වෙඩිමුර 21 ක් පිරිනැමීමෙන් පසු දහවල් 12.00 ට උත්සවයේ වැඩකටයුතු නිමාවට පත්වේ.

කොළඹ, ගම්පහ, කළුතර දිස්ත‍්‍රික් ලේකම් කාර්යාලවල හැර අනෙකුත් දිස්ත‍්‍රික් ලේකම් කාර්යාලවල ජාතික දින සැමරුම් උත්සව පැවැත්වෙන අතර මීට සමගාමීව විදෙස් රටවල ශ‍්‍රී ලංකා තානාපති කාර්යාලවලද සැමරුම් උත්සව සංවිධානය කර ඇතැයි ඇමැති වජිර අබේවර්ධන මහතා පැවැසීය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More