දේශීය පුවත්

රේගුව ඇන හිටින්න මාතර දේශපාලඥයෙක් සම්බන්ධ බව මාතර දිස්ති‍්‍රක් පාර්ලිමේන්තු මන්ති‍්‍ර ඩලස් අලහප්පෙරුම මහතා පවසයි .

අද (3) මාතර වැලිගමදි පැවති පොදුජන පෙරමුණේ වැලිගම කාන්ත බලමණ්ඩල ජනහමුව අමතමින් හෙතෙම මේ බව පැවසිය .

එහිදි අදහස් පළකල මන්ති‍්‍රවරයා ,

‘‘අද දවසේ දේශපාලනය ගිනියමි වෙලා තියෙන්නේ කාන්තාවක් මුල්කොටගෙන , මේ නිසා සමස්ථ ආර්ථිකය පැය 72 ක් එක්තැන් වෙලා තියෙනවා . ඒ කාන්තාව රේගු අධ්‍යක්ෂක ජෙනරාල් විදියට කටයුතු කරපු චාල්ස් මැතිණිය . ඇය දමිළ ජාතික හොඳ පිට කොන්දක් තියෙන අවංක නිලධාරිනියක් .

අපි හැමදෙනාම දන්නවා එතුමිය ඉවත් කරලා ඇතිවෙලා තියෙන තත්ත්වය . මෙතන දේ ශපාලන ආර්ථික අර්බුදයක් නිර්මාණය වෙලා තියෙනවා . ඇයි මේ අධ්‍යක්ෂක ජෙනරාල්තුමිය අයින් කරන්නේ . අපේ අවාසනාවට මාතර දිස්ති‍්‍රකයේ දේශපාලඥයෙක් ඒ තින්දුව ගන්නේ . ඒ දේශපාලඥයා කවුද කියලා කවුරුත් දන්නවා , කාන්තාවන්ට අසිමිතව ආදරය කරන කෙනෙක් . ඉවත් කරපු එක නෙමෙයි ප‍්‍ර ශ්නය ඉවත් කරන්න හේතුවයි .

මේ ආණ්ඩුව වසර 4 ක කාලය තුල රේගු දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක ජෙරාල්වරු පස් දෙනෙක් ඉවත් කරලා තියෙනවා . හොරකමට එරෙහි වෙනකොට ඉවත් කරනවා .

ආදායම බැහැලා තමයි හැබැයි චාල්ස් මැතිණිය නිසා නෙමෙයි මේ රටේ ඔබට මට උහුල ගන්න බැරි තරමේ බදු කන්දරාවක් ගහලා තියෙනවා . ගෙදර දන්තාලේප එක ඉවර වුනාම විසි කරන් නැනේ , කරකවලා අබරලා ගන්නවනේ , අන්න ඒ වගේ මේ ආණ්ඩුවත් බදුග හන්නෙ එහෙමයි . මිරිකලා මිරිකලා ගන්න පුළුවන් අන්තිම ටිකත් ගන්නවා . ඉතින් ඒ නිසා ව්‍යාපාරිකයන් ආයෝජනය කරන්නෙ නැහැ . යැයි අබේවර්ධන මහතා වැඩිදුරටත් පැවසිය .



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More