දේශීය පුවත්

සිව් හැවිරිදි තම දියණිය ඝාතනය කර කලාඔයට දැමු බවට ඇගේ මව පොලිසියට කළ පාපෝච්චාරණයකට අනුව අද (03) උදෑසට සිට නැවත කළාඔයේ නාවික කිමිදුම් කරුවන් යොදා ගෙන සෝදිසි කිරිම් සිදුකරන බවට තොරතුරු අනාවරණය විය.

මෙසේ පාපොච්චාරණය කර ඇත්තේ සාලියවැව නීලබැම්ම ඔළුමඩුව ප්‍රදේශයේදි 30 දින සිට අතුරුදහන් ව සිටි සිව් හැවිරිදි දියණියගේ මව බව වාර්තා වේ.

ඩබ්ලියු . ජී . තෙනුරි තිසාරා නැමති දැරිය 30 දින සිට අතුරුදහන් වි ඇති බවට ඇගේ මව සාලියවැව පොලිසියට පැමිනිලි කර කර තිබිම නිසා දින හතරක් පුරා ආරක්ෂක අංශ ඇතුළු පිරිස් දැරිය පදිංචි නිවස අවට සහ විල්පත්තුව ජාතික වනෝද්‍යානය තුල සෝදිසි කිරිම් සිදු කිරිම ආරම්භ කර තිබුනි.

නමුත් මෙම අතුරුදහන් විම පිළිබදව දැරිය පදිංචි නිවස ආසන්නයේ ගම්මානයේ ජනතාව විසින් දැඩි ලෙස ප්‍රතිප්ශේප කරමින් දැරියට පවුලේ පිරිස විසින් යම් කිසි දෙයක් කර ඇති බවට චෝදනා නගන්නට ද විය.

සිද්දිය පිළිබදව සාලියවැව පොලිසිය පරික්ෂණ ආරම්භ කර තිබුනද පසුව ඊයේ(02) සවස එම පරික්ෂණ කරුවලස්වැව පොලිස්ථානයේ ස්ථානාධිපතිවරයා යටතටපත් කර තිබු අතර ඉන් පසුව මෙම මරණය ගැන දිගින් දිගටම විමර්ශන කිරීමේදි දැරියගේ මව විසින් ඊයේ පාපොච්චාරණය කර ඇත්තේ තම දියණිය ඝාතනය කර කලාඔයට දැමු බවයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More