ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ කණ්ඩායමක් සහ ශී‍්‍ර ලංකා මුස්ලිම් කොංග‍්‍රසය සමග එක්ව සමගි සන්ධාන ජාතික ආණ්ඩුව පිහිටුවීමට අදාළ යෝජනාව ලබන 07 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව ආණ්ඩුවේ ජ්‍යෙෂ්ඨ ඇමැතිවරයෙක් පැවසීය.
ඒ අනුව එදින එම යෝජනාවට දෙමළ ජාතික සන්ධානය ද සහයෝගය දක්වනු ඇතැයි හෙතෙම කී අතර එය සම්මත කර ගත් වහාම මීළඟ ජාතික ආණ්ඩුව පිහිටුවන බවත් කියා සිටියේය.
නව ජාතික ආණ්ඩුව පිහිටුවීමට ශී‍්‍ර ල. නි. ප. යේ මන්තී‍්‍රවරු 10 කට වැඩි පිරිසක් ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මහතාට දන්වා ආණ්ඩුවට එක් වීමට නියමිත බවත් මෙම ජ්‍යෙෂ්ඨ ඇමැතිවරයා වැඩිදුරටත් පැවසීය.
ඒ අනුව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 46 (4) වගන්තියට අනුව කැබිනට් අමාත්‍යවරුන් සංඛ්‍යාව 48 ක් නොඉක්ම විය යුතු අතර, කැබිනට් නොවන අමාත්‍යවරුන් හා නියෝජ්‍ය අමාත්‍යවරුන්ගේ සංඛ්‍යාව 45 ක් නොඉක්ම විය යුතු බවට පාර්ලිමේන්තුව තීරණය කර ඇති බව එම යෝජනාවේ අන්තර්ගත වේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...