දේශීය පුවත්

ශ්‍රී ලංකන් ගුවන් සමාගම විසින් ඒ 350 – 900 ගුවන් යානා තුනක මිලදී ගැනීම අවලංගු කිරීමේදී ඊට අදාළ කොන්දේසි අනුව සමාගමට ලබා ගැනීමට සිදු වූ දැනට භාවිතා නොකර නවත්වා තිබෙන ඒ 330 – 220 ගුවන් යානයක්‌ වෙනුවෙන් වසරකට රුපියල් කෝටි 130ක්‌ (මසකට රුපියල් මිලියන 110 ක්‌) ගෙවීමට සිදුව තිබෙන බව ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ සමූහ අභ්‍යන්තර විගණක මහේෂ් නානායක්‌කාර මහතා ඊයේ (01) ශ්‍රී ලංකන් – මිහින් ලංකා ජනාධිපති කොමිසම හමුවේ සාක්‌ෂි දෙමින් පැවසීය.

පෙර රජය යටතේ ලීස්‌ කර ලබා ගත් මේ ගුවන් යානා පසුව බලයට පත් වූ යහපාලන රජය යටතේ ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ කළමනාකරණය විසින් මේ ගිවිසුම් අවලංගු කිරීමට තීරණය කරන ලදී.

අදාළ ගුවන් යානා මිලදී ගැනීම අවලංගු කිරීමේ ගිවිසුමට අනුව මෙම ඒ 330 – 220 ගුවන් යානය ලබා ගැනීමට ශ්‍රී ලංකන් ගුවන් සමාගමට සිදුව ඇති බවද ඊයේ (01) කොමිසම හමුවේ අසන ලද ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් මහේෂ් නානායක්‌කාර මහතා පැවසීය.

මෙම ගුවන් යානයට අදාළ ගෙවීම් සමාගමේ අභ්‍යන්තර විගණනයට ලක්‌ව නොමැති බව රජයේ නීතීඥයා අසන ලද ප්‍රශ්න කිරීම් හමුවේ සාක්‌ෂිකරු පිළිගත්තේය.

එම මුදල් ශ්‍රී ලංකන් ගුවන් සමාගමට ගෙවීමට සිදුව තිබෙන බවද ඔහු පිළිගත්තේය.

කොමිසම් හමුවේ රජයේ නීතීඥයා සාක්‌ෂිකරු අමතමින් කීවේ ඔහු තම රාජකාරි වගකීම් නිසි ලෙස ඉටු කර නොමැති බවයි. එහෙත් සාක්‌ෂිකරු මේ බව පිළිනොගන්නා බව කියා සිටියේය.

අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතීඥ නීල් උනම්බුව මහතා ඇතුළු නීතීඥ මණ්‌ඩලයක්‌ රජයේ නීතිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් කොමිසම හමුවේ පෙනී සිටිති.

කොමිසම (01) උදේ 10.30ට පමණ කොමිසමේ සභාපති විශ්‍රාමලත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු අනිල් ගුණරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්‌විය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More