දේශීය පුවත්

වැවිලි කර්මාන්ත අමාත්‍යංශය යටතේ පවතින ශ්‍රී ලංකා රබර් පර්යේෂණායතනය ඇතුළු වැවිලි කර්මාන්ත අමාත්‍යංශය යටතේ පවතින ආයතන 10 ක සභාපතිවරුන් සහ අධ්‍යක්ෂකවරුන් පත්කිරීමට අමාත්‍ය නවීන් දිසානායක මහතා කටයුතු කර තිබේ.

ඒ අනුව රබර් පර්යේෂණායතනයේ සභාපතිනිය ලෙස ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ දේශපාලන විද්‍යා අධ්‍යන අංශයේ ජේෂ්ඨ කථිකාචාර්ය, ආචාර්ය විශාකා සූරියබණ්ඩාර මහත්මිය පත්කර ඇත.

ඇය සිවිල් සමාජ ක්‍රියාකාරිනියක් වන අතර කාන්තා අයිතීන් මෙන්ම සත්ව සහ පාරිසරික අයිතීන් වෙනුවෙන් ද හඬ නගන්නියක්
වෙයි.

ඊයේ (31) බත්තරමුල්ල, සෙත්සිරිපායේ පිහිටි අමාත්‍යංශයේදී මෙම පත්කිරීම් වලට අදාළ පත්වීම් ලිපි ලබාදී ඇත.

ඒ අනුව අනෙකුත් පත්වීම් මෙසේය.

ශ්‍රී ලංකා තේ මණ්ඩලයේ ක්‍රියාකාරී අධ්‍යක්ෂක ලෙස නිමල් මිත්‍රරත්න මහතා, ශ්‍රී ලංකා තේ පර්යේෂණ ආයතනයේ සභාපති ලෙස ආචාර්ය මොහාන් අබේරත්න මහතා, ශ්‍රී ලංකා රාජ්‍ය වැවිලි සංස්ථාවේ සභාපති ලෙස තිලක් මහානාම මහතා, ශ්‍රී ලංකා කජු සංස්ථාවේ සභාපති ලෙස ඩී. බණ්ඩාර කරුණාරත්න මහතා සහ නියෝජ්‍ය සභාපති ලෙස එම්.ඩබ්.එම්.බණ්ඩාරතිලක මහතා, ශ්‍රී ලංකා උක් පර්යේෂණ ආයතනයේ සභාපති ලෙස කේ.ෆ්‍රැන්සිස් කරුණාසේන මහතා, ජනතා වතු සංවර්ධන මණ්ඩලයේ සභාපති ලෙස වයි.එල්. කපිල යකන්දාවල මහතා, සී/ස කුරුණෑගල වැවිලි සමාගමේ සභාපති ලෙස ඒ.එම්.පියසෝම උපාලි මහතා සහ විධායක අධ්‍යක්ෂක ලෙස එච්.ඒ.පී.ටී.කේ. තුසිත ඩයස් මහතා, සී/ස හලාවත වැවිලි සමාගමේ සභාපති ලෙස ආසිරි හේරත් මහතා සහ විධායක අධ්‍යක්ෂක ලෙස එම්.කේ.බී. සෙනෙවිරත්න මහතා, සී/ස ඇල්කඩුව වැවිලි සමාගමේ සභාපති ලෙස නාලක දේවින්ද මඩවල මහතා ද මෙලෙස පත්වීම් ලැබීය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More