දේශීය පුවත්

වර්තමාන රජයේ අත්තනෝමතික සහ අදූරදර්ශී ක්‍රියා මාර්ග නිසා ශ්‍රී ලංකාවේ ආර්ථිකයට විශාල ආදායමක් උපයා දෙන රේගු දෙපාර්තමේන්තුවේ කටයුතු මේ මොහොතේ අඩපණ වී ඇති බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා නිවේදනයක් නිතුත් කරමින් පවසයි.

ජනාධිපති වරයාගේ අදහස්වලටද ඇහුම්කන් නොදී මේ ආකාරයට හිතුවක්කාරී ලෙස රජය කටයුතු කිරීම පිළිබඳව තම පාර්ශවයට පැති කිහිපයකින් සැක පහල වන බවද ඒ මහතා නිකුත් කළ මාධ්‍ය නිවේදනයේ සඳහන් වේ.

ශ්‍රී ලංකා රේගුවේ අධ්‍යක්ෂක ජනරාල් පී.එස්.එම් චාල්ස් මහත්මිය ඉවත් කර ඒ වෙනුවට නාවික හමුදාවේ විශ්‍රාමික රියර් අද්මිරාල් ශමිල් ප්‍රනාන්දු මහතා පත් කිරීමට විරෝධය දක්වා ඔවුහු මෙලෙස වර්ජනය ඇරැඹුහ.

මෙම වර්ජනය හේතුවෙන් භාණ්ඩ නිශ්කාශනය කිරීම ඇතුළු සියළු වැඩ කටයුතු ඇන හිට තිබේ.වර්ජනය අරඹා අදට දින හතරකි.



One thought on “රජයේ අත්තනෝමතික සහ අදූරදර්ශී ක්‍රියා මාර්ග නිසා රේගුව අඩපණ වෙලා”

  1. මෙවගේ කොන්ද තියෙන අය රේගුවෙ ඉන්නව කියල දන්නෙ අද කොහොමත් මෙ හිගන දේශපාලන පක්ෂ දෙකට ජන්දය දිම ජන තාව නතර කොලොත් රට අවුරැදු 70 සාපයෙන් ගොඩ ගත හැක

Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More