දේශීය පුවත්

එක්සත් ජාතින පක්‍ෂය ජාතික ආණ්ඩුවක් සෑදීමට උත්සාහ කරන්නේ තනි මන්ත‍්‍රීවරයෙක් පමණක් සිටින ශ‍්‍රී ලංකා මුස්ලිම් කොංග‍්‍රසය සමග බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි.

එම කටයුත්ත මහ ලැජ්ජ නැති වැඩක් යයි ද පවසන ජවිපෙ ප‍්‍රචාරක ලේකම් පාර්ලිමේන්තු මන්ත‍්‍රී විජිත හේරත් පෙන්ව දෙන්නේ එය ව්‍යවස්ථානුකූල බවය.

එහෙයින් නව ජාතික ආණ්ඩුව ව්‍යවස්ථාවට පටහැනි නැතැයි පෙන්වා දෙන ප්‍රචාරක ලේකම්වරයා ඊට එරෙහිව අධිකරණයට ගොස් වැඩක් නැතැයි ද පවසයි. ඔහු මෙම අදහස් පල කරන ලද්දේ එම පක්‍ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

එහෙත් මීට පෙර ජවිපෙ ප්‍රකාශ කළේ ව්‍යවස්ථාවේ හිල් හොයමින් ජාතික ආණ්ඩුවක් අටවා ගැනීමට එජාපය සැරසෙන බවත් එවැනි ප්‍රජාතන්ත්‍ර විරෝධී කුමන්ත්‍රණවලට මහින්ද රාජපක්ෂ විරුද්ධ නම් ඔහු සමග හෝ එක්ව එය පරාජය කිරීමට කටයුතු කරන බවය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More