දේශීය පුවත්

ඌව පළාතේ දෙමළ මාධ්‍ය පාසල්වල සේවය කරන සිංහල ගුරුවරුන් ඉවත් කිරීමට පියවර ගන්නා බවත් ඒ සඳහා විශේෂ වැඩපිළිවෙළක් සිය අමාත්‍යාංශය මඟින් ආරම්භ කර තිබෙන බවත් ඌව පළාත් දෙමළ අධ්‍යාපන අමාත්‍ය සෙන්දිල් තොණ්ඩමාන් මහතා පැවසීය.

බදුල්ල දෙමළ බාලිකා විදුහලේ සිංහල ගුරුවරියන් ස්ථාන මාරු කිරීමට තමන් අධ්‍යාපන බලධාරීන් වෙත නියෝග කළේ විද්‍යාලයේ බලධාරීන් කළ ඉල්ලීම පරිදි බවද හෙතෙම කීය.

බදුල්ල දෙමළ බාලිකා විදුහලේ සිංහල ගුරුවරියන් ස්ථාන මාරු කර යැවීමට කරන ලද නියෝගය සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අදහස් පළ කරමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.

මේ සඳහා මූලික පියවරක් වශයෙන් ඌව පළාතේ පිහිටි විශේෂයෙන් බදුල්ල දිස්ත්‍රික්කයේ සියලුම දෙමළ පාසල්වල සිටින සිංහල ගුරුවරුන් පිළිබඳ තොරතුරු සඳහන් වාර්තා කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරයාගෙන් ඉල්ලා ඇති බවද කීය.

දෙමළ මාධ්‍ය පාසල්වල සිංහල සහ ඉංග්‍රීසි උගන්වනු ලබන සිංහල ගුරුවරුන් දෙමළ භාෂාව නොදැන සිටීම නිසා මෙවැනි තීරණයක් ගත් බවත් දෙමළ භාෂාව නොදැන දෙමළ පාසලක උගන්වන සිංහල ගුරුවරුන්ටත් ඔවුන්ගෙන් දරුවන්ටත් කිසිදු ඵලක් නැති බවත් අමාත්‍යවරයා කීය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More