දේශීය පුවත්

ශ්‍රී ලංකා ගුවන් සේවය යළි ගොඩනැගීම සඳහා දේශපාලනයෙන් තොර කළමණාකාරීත්වයක් අවශ්‍ය බව මුදල් රාජ්‍ය අමාත්‍ය එරාන් වික්‍රමරත්න මහතා පවසයි.

ඒ අනුව දේශපාලන මැදිහත්වීම් වලින් තොරව ශ්‍රී ලංකා ගුවන් සේවය ස්වාධීන ව්‍යවසායකයෙකු යටතට පත්කිරීමට අවශ්‍ය බව ඔහු පෙන්වාදෙයි. එමෙන්ම එම ව්‍යවසයකයාගෙන් යම් ප්‍රාග්ධනයක් යෙදවීමටද බලාපොරොත්තු වන බව වික්‍රමරත්න මහතා කියා සිටියි.

“ශ්‍රී ලංකා ගුවන් සේවාව පසුගිය වසරේදී ඩොලර් මිලියන 185ක අලාභයක් ලබා තිබෙනවා. ඒ නිසා මෙය ප්‍රතිසංස්කරණය කළ යුතුයි. එය කිරීමට දේශපාලනයෙන් තොර කළමණාකාරීත්වයක් අවශ්‍යයි. ඒ වගේම ප්‍රාග්ධනය අවශ්‍යයි. අපි ඉදිරිපත් කර තිබෙන සැලසුම තුළ ශ්‍රී ලංකා ගුවන් සේවාව දේශපාලනීකරණයෙන් ස්වාධීන කරන්නත් වගේම ව්‍යවසායකයෙක් අවශ්‍යයි. ඒ ව්‍යවසායකයාගෙන් අපි බලාපොරොත්තු වෙනවා යම්කිසි ප්‍රාග්ධනයක් යොදවන්න. ඒ වගේම බලාපොරොත්තු වෙනවා ඒ ව්‍යවසායකයාගේ කළමණාකාරීත්වයේ විශේෂත්වයක් ලබා ගැනීමට. ඒ නිසා අපි ව්‍යවසායකයෙක් හොයනවා මේ මුළු කණ්ඩායමම දිහා බලලා. සමූහ ව්‍යාපාරය දිහා බලලා. මෙයට ප්‍රාග්ධනය යොදවන්නත් ඒ වගේම රජය හවුල් වෙලා මේ ගුවන් සේවය ඉදිරියට ගෙනයන්නත්.”

මේ අතර ශ්‍රී ලංකා ගුවන් සේවාවේ බහුතර අයිතිය ශ්‍රී ලාංකිකයන්ට අයිති වියයුතු බවයි එරාන් වික්‍රමරත්න මහතා සඳහන් කරන්නේ.

ශ්‍රී ලංකා ගුවන් සේවාව ප්‍රතිසංවිධානයට අදහස් හා යෝජනා ලබා දීමට පත්කළ කමිටුවේ සභාපතිවරයා ලෙස එරාන් වික්‍රමරත්න මහතා කටයුතු කරයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More