දේශීය පුවත්

ගිය වසරේ (2018) මුල් මාස එකොළහේදී කෘෂිකර්ම අපනයන ආදායම ඇමෙරිකානු ඩොලර් මිලියන 2362.7 ක්‌ දක්‌වා සියයට 7.3 කින් පහත වැටී තිබේ.

2017 වසරේ මුල් මාස එකොළහේ කෘෂිකාර්මික අපනයන ආදායම ඇමෙරිකානු ඩොලර් මිලියන 2547.5 ක්‌ විය.

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ගිය වසරේ (2018) නොවැම්බර් මාසයට ආදළව නිකුත් කළ විදේශ වෙළෙඳාම පිළිබඳ දත්ත ඇතුළත් වාර්තාවේ මෙසේ ද සඳහන් වේ.

2018 නොවැම්බර් මාසයේදී වෙළෙඳ භාණ්‌ඩ අපනයන ආදායම, පෙර වසරේ අනුරූප කාලපරිච්ඡේදයට සාපේක්‌ෂව එ. ජ. ඩොලර් මිලියන 980 ක්‌ දක්‌වා සියයට 4.1 කින් මධ්‍යස්‌ථව වර්ධනය විය. කාර්මික අපනයනවල සිදුවූ වර්ධනය මෙම වර්ධනය සඳහා හේතු වූ අතර, කෘෂිකාර්මික අපනයන අඛණ්‌ඩව පහත වැටුණි.

කාර්මික අපනයන සැලකූවිට 2018 නොවැම්බර් මාසයේදී රෙදිපිළි හා ඇඟලුම් අපනයන ආදායම කැපී පෙනෙන ලෙස වර්ධනය වූ අතර ප්‍රධාන වශයෙන් ඇමෙරිකා එක්‌සත් ජනපදය වෙත සිදු කළ අපනයන ඉහළ යැම ඒ සඳහා හේතු විය. මීට අමතරව, ඉන්දියාව, කැනඩාව සහ ඔස්‌ටේ්‍රලියාව වැනි සාම්ප්‍රදායික නොවන වෙළෙඳපොළ වෙත සහ යුරෝපා වෙළෙඳපොළ වෙත සිදු කළ රෙදිපිළි සහ අනෙකුත් නිමකළ රෙදිපිළි ද්‍රව්‍ය අපනයන ඉහළ යැම සමග ද ඇඟලුම් අපනයන වර්ධනය විය. නැව් සහ ගුවන් යානා සඳහා භාවිත කරන ඉන්ධනවල අපනයන පරිමාව 2017 නොවැම්බර් මාසයට සාපේක්‌ෂව සුළු වශයෙන් පහත වැටුණද එහි අපනයන මිල ගණන් ඉහළ යැම හේතුවෙන් 2018 නොවැම්බර් මාසයේදී ඛනිජතෙල් නිෂ්පාදිත අපනයන ආදායම කැපී පෙනෙන ලෙස වර්ධනය විය. සියලුම උප කාණ්‌ඩවල ඉහළ ක්‍රියාකාරීත්වය හේතුවෙන් 2018 නොවැම්බර් මාසයේදී මාසයේදී යන්ත්‍ර සූත්‍ර හා යාන්ත්‍රික උපකරණ අපනයන ආදායම ඉහළ ගියේය. තවද 2018 නොවැම්බර් කාර්මික අපනයන ඉහළ යැම සඳහා දායක වෙමින් ආහාර, පාන වර්ග හා දුම්කොළ රබර් නිෂ්පාදිත හා හා මූලලෝහ හා ඒ ආශ්‍රිත නිෂ්පාදන අපනයන ආදායම් ඉහළ ගියේය. කෙසේ වුවද 2018 නොවැම්බර් මාසයේදී මුද්‍රණ කර්මාන්තය ආශ්‍රිත නිෂ්පාදිත, මැණික්‌, දියමන්ති හා ස්‌වර්ණාභරණ සහ සම් භාණ්‌ඩ සංචාරක භාණ්‌ඩ හා පාවහන් අපනයන ආදායම් පහත වැටුණි.

සකස්‌ නොකළ දුම්කොළ සහ එළවළු හැර කෘෂිකාර්මික අපනයන යටතේ වර්ග කර ඇති උප කාණ්‌ඩ සියල්ලකම පාහේ දුර්වල ක්‍රියාකාරීත්වය හේතුවෙන් මෙම මාසයේදී කාර්මික අපනයන ආදායම පහත වැටුණි. තේ සඳහා සාමාන්‍ය අපනයන මිල ගණන් සහ අපනයන පරිමාව අඩුවීම පිළිබිඹු කරමින් 2018 නොවැම්බර් මාසයේදී තේ අපනයන ආදායම පහත වැටුණි. කුළුබඩු යටතේ වර්ග කර ඇති බොහෝ කාණ්‌ඩවල අපනයන පරිමාව අඩුවීම හේතුවෙන් මෙම මාසය තුළදී කුළුබඩු අපනයන ආදායම පහත වැටුණි. තවද පොල් මද ආශ්‍රිත සහ පොල් මද ආශ්‍රිත නොවන යන කාණ්‌ඩ දෙකටම අයත් නිෂ්පාදිත අපනයන අඩුවීම හේතුවෙන් පොල් අපනයන ආදායම පහත වැටුණි. 2018 නොවැම්බර් මාසයේදී මුහුදු ආහාර අපනයන ආදායම පහළ ගිය අතර, සමුච්චිත වශයෙන් සැලකූ විට යුරෝපා වෙළෙඳපොළ වෙත සිදු කළ මුහුදු ආහාර අපනයන ඉහළ යැම හේතුවෙන් පළමු මාස එකොළහ තුළ එහි වර්ධනයක්‌ වාර්තා කළේය.

217 නොවැම්බර් මාසයේදී වාර්තාවූ අපනයන පරිමාව සහ අපනයන මිල දර්ශකවලට සාපේක්‌ෂව 2018 නොවැම්බර් මාසයේ ද අපනයන පරිමා දර්ශකය සියයට 2.9 කින්ද අපනයන මිල දර්ශකය සියයට 1.1 කින් වර්ධනය වූ අතර මෙම මාසයේදී අපනයන වර්ධනය සඳහා මිල ගණන් ඉහළ යැම ට වඩා පරිමාව ඉහළ යැම හේතුවූ බව මෙයින් පිළිබිඹුqවේ.

ශ්‍යාම් නුවන් ගනේවත්ත



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More