ව්‍යාපාරික පුවත්

පසුගිය කාලපරිච්ඡේදයේ දී දකින්නට ලැබුණු දේශපාලන උච්ඡාවචනයන් හා අස්ථාවර තත්ත්වය මේ වන විට යථා තත්ත්වයට පැමිණ ඇති බව ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් පීඑල්සී හි සභාපති ක්‍රිෂාන් බාලේන්ද්‍ර මහතා පවසයි. මෙහිදී වැඩිදුරටත් ජෝන් කීල්ස් සභාපතිවරයා අවධාරණය කර සිටින්නේ රටේ ආර්ථික හා ව්‍යාපාර වර්ධනය උදෙසා දේශපාලනික ස්ථාවරභාවය හා ප්‍රතිපත්තිවල අඛණ්ඩතාවය අත්‍යාවශ්‍ය සාධකයක් බවයි.

ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් පීඑල්සී හි 2018 දෙසැම්බර් 31 න් අවසන් කාලපරිච්ඡේදය සඳහා වන මූල්‍ය ප්‍රකාශ නිකුත් කරමින් එහි සභාපතිවරයාගේ විමර්ශන වාර්තාවෙහි, ක්‍රිෂාන් බාලේන්ද්‍ර මහතා මේ බව සටහන් කර ඇත.

පසුගිය කාර්තුව තුළ දී ජෝන් කීල්ස් සමූහයේ සමස්ත ආදායම 17% ක වර්ධනයක් අත්පත් කර ගෙන තිබෙන අතර එය රුපියල් බිලියන 36.55 ක් ලෙසින් සටහන් වේ. මේ සමඟ 2018/19 මූල්‍ය වර්ෂයේ පළමු මාස 09 තුළ දී සමූහය උපයා ඇති ආදායම රුපියල් බිලියන 99.28 ක් ලෙසින් වාර්තා වී ඇති අතර එය පූර්ව මූල්‍ය වර්ෂයේ අදාළ කාලපරිච්ඡේදයට වඩා 13% ක වර්ධනයකි.

මේ අතර ජෝන් කීල්ස් සමූහයේ බදු පෙර ලාභය, 2018 දෙසැම්බර් 31 න් අවසන් කාර්තුවේ දී සටහන් වන්නේ රුපියල් බිලියන 5.63 ක් වශයෙනි. කෙසේ වෙතත් මෙය 2017 දෙසැම්බර් 31 න් අවසන් කාර්තුවේ වාර්තා වූ බදු පෙර ලාභයට වඩා 3% ක පහළ යාමකි. එසේම 2018/19 මූල්‍ය වර්ෂයේ මුල් මාස 09 හි බදු ගෙවීමට පෙර ලාභය පෙර වර්ෂයට වඩා 11% ක අඩුවීමක් වාර්තා කෙරෙන අතර එය රුපියල් බිලියන 13.23 ක් ලෙසින් වාර්තා වී තිබේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More