දේශීය පුවත්

නව ව්‍යවස්ථාවක් සම්බන්ධයෙන් ඇතැමුන් අදහස් පළ කළද මේ වනතෙක් තමා වෙත එවැනි ලියවිල්ලක් ලැබී නොමැති බවත් , ඒ පිළිබඳව තමන් දැනුවත් වී නොමැති බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

හොරණ ඓතිහාසික ඔලබොඩුව ශ්‍රී ජයවර්ධනාරාම රජමහා විහාරස්ථානයේ පැවැති ආගමික වැඩසටහනකට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.

හොරණ ඓතිහාසික ඔලබොඩුව ශ්‍රී ජයවර්ධනාරාම රජමහා විහාරස්ථානයේ අභිනවයෙන් ඉදිකරන ලද උපෝසථාගාරය සඟ සතුකොට පූජා කිරීමේ පිංකම ඊයේ(31) ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණි.

මෙම අවස්ථාවට හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ද එක්ව සිටියේය.

මෙ අතර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද පෙරවරුවේ රාජගිරියේ පිහිටි මුදල් කොමිෂන් සභා නව ගොඩනැඟිල්ල විවෘත කිරීමේ අවස්ථාවටද එක්වුණි.

අනතුරුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා රාජගිරියේ පිහිටි පැය 24 පුරා නොමිලේ සේවා සපයන 1990 සුව සැරිය හදිසි අවස්ථා ගිලන් රථ සේවා මූලස්ථානයේ නිරීක්ෂණය කරනු ලැබුවේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More