විදේශ පුවත්

වෙනිසුවෙලාවේ විපක්ෂ නායක හුවාන් ගයිදෝ ට රටින් පිටවීම තහනම් කිරීමටත්, ඔහුගේ බැංකු ගිණුම් අත්හිටුවීමටත් එරට ශ්‍රේෂ්ඨාධිකරණය පියවර ගෙන තිබේ.

ඉහත කී පියවර ගනු ලැබුවේ තමන් අන්තර්වාර ජනාධිපති බවට පසුගිය සතියේ ගයිදෝ ප්‍රකාශ කිරීමත් සමග වර්ධනය වූ බල අරගලය මධ්‍යයේය.

ඇමෙරිකාව සහ තවත් රටවල් කිහිපයක් ගයිදෝ වෙත සහය පළ කළ අතර, ජනාධිපති නිකොලස් මදුරෝට රුසියාව ඇතුළු රටවල් කිහිපයක් සහය දැක්වීය.

නිකලස් මදුරෝ ජනවාරි 10 වන දා සිය දෙවන ධූර කාලය ආරම්භ කිරීමත් සමග රට පුරා විරෝධතා පැවැත්විණි.

පසුගිය වසරේ පැවති ආන්දෝලනාත්මක ඡන්ද විමසීමකින් පසුව ඔහු ජනාධිපති ධූරයට පත් විය. එම ඡන්ද විමසීම පැවැත්වුණේ, විපක්ෂය අපේක්ෂකයින් රැසක් බන්ධනාගාරගත කර හෝ මැතිවරණය සඳහා තරග කිරීමෙන් වළකාලනු තිබියදීය.

වෙනිසුවෙලා පවතින විරෝධතා හමුවේ, ජනවාරි 21 වන දා සිට මේ දක්වා පුද්ගලයින් 40 දෙනෙකු පමණ ජීවිතක්ෂයට පත්ව ඇතැයි විශ්වාස කෙරෙන අතර, තවත් සිය ගණනක් අත්අඩංගුවේ පසු වන බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි.

වෙනිසුවෙලා පාර්ලිමේන්තුවේදී මාධ්‍යවේදීන් අමතමින් විපක්ෂ නායක හුවාන් ගයිදෝ අදාළ ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගය පිළිබඳව අදහස් දක්වමින් පවසා ඇත්තේ, අදාළ පියවර “අලුත් දෙයක්” නොවන බවය.

“මම තර්ජන නොසලකා හරින්නේ නැහැ. ඒත්, අපි අපේ රාජකාරිය කරගෙන යනවා,” ඔහු පැවසීය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More