දේශීය පුවත්

සේවා අවශ්‍යතාවක් නොමැතිව කරන ලද අනිසි බඳවා ගැනීමකට විරෝධය පළකරමින් දිවයින පුරා රජයේ ඖෂධවේදීහු අද (01) ලෙඩ නිවාඩු දමා ඇත.

මේ සම්බන්ධව අදහස් දක්වමින් රජයේ ඖෂධවේදීන්ගේ සංගමයේ සභාපති ප්‍රියංකර පෙරේරා මහතා පැවසූයේ වැඩ වර්ජනය ක්‍රියාත්මක වුවද ළමා රෝග, පිළිකා, වකුගඩු රෝග සහ හදිසි අනතුරු වැනි අත්‍යාවශ්‍ය කටයුතු රෝගීන්ට අපහසුතාවයක් සිදු නොවන පරිදි පවත්වාගෙන යන බවයි.

අද(01) සවස සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් සමග සාකච්ඡාවක් පවැත්වීමට වාචික කැඳවීමක් ලැබී ඇති බවත් ගැටලුව යහපත් ලෙස විසඳේ යැයි බලාපොරොත්තු වන බවත් ඔහු වැඩිදුරටත් පවසයි.

මීට පෙර මෙම ගැටලුව සම්බන්දව දැනුම් දුන්නද සෞඛ්‍ය අමාත්‍යාංශය අවශ්‍ය ක්‍රියාමාර්ග නොගත් බැවින් වැඩවර්ජනයක් සිදුකිරීමට තීරණය කළ බවද ඔහු වැඩිදුරටත් පවසා සිටියේ ය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More