දේශීය පුවත්

ශ්‍රී ලංකා – සිංගප්පූරු ආර්ථික හා තාක්ෂණික සහයෝගීතා ගිවිසුම සංශෝධනය කරන බවට මෙරට පාර්ශවය කළ දැනුම්දීම පිළිබඳව සිංගප්පූරු රජය කණස්සල්ල පළ කර තිබේ.

මේ වන විටත් ක්‍රියාත්මක කීරිම ආරම්භ කර ඇති ශ්‍රී ලංකා – සිංගප්පුරු ආර්ථික හා තාක්ෂණික සහයෝගිතා ගිවිසුමට සංශෝධන ගෙන එන බවට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන කළ දැනුම්දීමට සිය නොසතුට පළ කරන බව සිංගප්පුරු රජය සංවර්ධන උපායමාර්ග හා ජාත්‍යන්තර වෙළෙද අමාත්‍යාංශය වෙත රාජ්‍ය තාන්ත්‍රික මට්ටමෙන් දැනුම් දී තිබේ.

සිංගප්පූරු රජය කළ රාජ්‍ය තාන්ත්‍රික දැනුම්දීමට ප්‍රතිචාර දක්වමින් සංවර්ධන උපායමාර්ග හා ජාත්‍යන්තර වෙළෙද අමාත්‍යාංශය පැහැදිලි කර ඇත්තේ ශ්‍රී ලංකා පාර්ශවයෙන් ඉටුවිය යුතු යුතුකම් ඒ ආකාරයෙන්ම ඉටු කරන බවය.

ශ්‍රී ලංකා – සිංගප්පූරු ආර්ථික හා තාක්ෂණික සහයෝගීතා ගිවිසුම පදනම් කර ගනිමින් සිංගප්පුරු රජය ශ්‍රී ලංකාව ගැන ඇති කර ගෙන ඇති ආකල්පය වෙනස් කිරිම සඳහා ඉහලම රාජ්‍ය නියෝජිත පිරිසක් ලබන සතියේ සිංගප්පුරුව බලා පිටත්ව යාමට නියමිතය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More