Uncategorized

මැතිවරණ කොමිසමේ සභාපතිවරයා ඉවත්විය යුතුව තිබුණේ දැන් නොව මීට පෙරදී බවත්, අනිවාර්යයෙන්ම ඔහු සිය ධුරයෙන් ඉවත්වී, වික්‍රමසිංහ පාලනය මෙරට මැතිවරණ සිතියම හකුළා අවසන් බව ලෝකයටම පෙන්විය යුතු බවත් ජාතික නිදහස් පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රි ජයන්ත සමරවීර පවසයි.
ඔහු මේ බව පැවැසුවේ ඊයේ (29දා) පිටකෝට්ටේ පිහිටි ජාතික නිදහස් පෙරමුණු පක්ෂ කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවක් අමතමිනි.

මන්ත්‍රිවරයා එහිදී මෙසේද පැවැසීය.

රනිල් වික්‍රමසිංහ මහත්මයා පළාත් සභා ඡන්දය තියන්න කෝඳුරුතෙල් හත් පට්ටයකුයි තවත් ටිකකුයි හොය හොයා ඉන්නෙ. අපට පේන්න තියෙන්නෙ නම් මේක නොතියන පාටක්.

මහින්ද දේශප්‍රිය මහත්මයා ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ අබමල් පියල්ලක තරම්වත් හිතනවා නම් හෙට නෙවෙයි අද ඉල්ලා අස්විය යුතුයි. එහෙම අස්වෙලා ලෝකෙට පෙන්විය යුතුයි මේ වික්‍රමසිංහ පාලනය පළාත් පාලන ඡන්දය වසර 3ක් කල් දැම්මා, පළාත් සභා මැතිවරණයත් කල් දමමින් ප්‍රජාතන්ත්‍රවාදය හකුළා දැමීමට පිඹුරුපත් සකස් කරමින් ඉන්න බව. පාර්ලිමේන්තුවේ පසුගියදා ඇතිවුණු ගැටුම්කාරී තත්ත්වයට අදාළ වාර්තාව නිකුත්වෙලා තියෙනවා. මේක සම්පූර්ණයෙන්ම පක්ෂග්‍රාහී වාර්තාවක්. ඒකෙන් කියවෙන්නේ රෝග ලක්ෂණ විතරයි. ඒ වාර්තාවෙන් රෝග නිධානය හෙව්වෙ නෑ. මේ අපකීර්තිමත් තත්ත්වයටපාර්ලිමේන්තුව ගෙන ගියේ වෙන කවුරුත් නෙවෙයි කථානායකවරයා.

සුමන්තිරන්ට, විජිත හේරත්ට, අනුර කුමාරට, ලක්ෂ්මන් කිරිඇල්ලට අත තිබ්බොත් කථානායකටත් අත තියන්නම වෙනවා. ඒ විතරක් නෙවෙයි රනිල් වික්‍රමසිංහ මහත්තයටත් අත තියන්න වෙනවා.

රනිල් වික්‍රමසිංහගෙ ආණ්ඩුව තරම් සුපිරි ප්‍රජාතන්ත්‍රවාදය ගැන නන් ‍ෙදාඩවන ආණ්ඩුවක් ලංකා ඉතිහාසයේ පහළ වෙලා නැහැ කිවුවොත් වඩා නිවැරදියි.
මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කරන්න කියලා කියාගෙන ආපු ආණ්ඩුව මේ වන විට ප්‍රජාතන්ත්‍රවාදය අමු අමුවේ කාබාසිනියා කරමින්, අද වන විට රාජ්‍ය සේවකයන් තොග පිටින් දඩයම් කරමින් ඉන්නවා.

තමන්ගේ දේශපාලන මතය දැරීමේ වරදට වෘත්තීය සමිති නායකයන් ඇතුළු රාජ්‍ය සේවකයන් දඩයම් කිරීමට පටන් අරන්. අද වන විට ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ ශ්‍රීලනි සේවක සංගමයේ ප්‍රධාන ලේකම්, ශ්‍රීලනි සේවක සංගමයේ විධායක සභික කේ.කේ. ගාමිණී මහතාව වැඩ තහනමකට ලක්කරලා තියෙනවා. මෙහෙම වෙන්නේ ජනාධිපතිගේ සහභාගිත්වය දරන පක්ෂයක වෘත්තීය සමිති නායකයන්ට. හේතුවක් නෑ. එපමණක් නෙවෙයි නිවාස සංවර්ධන අධිකාරියේත් නියෝජ්‍ය සාමාන්‍යාධිකාරිවරු සහකාර සාමාන්‍යාධිකාරිවරු, කළමනාකරුවන් 16 දෙනෙක් වැඩ තහනමට ලක් කරන්න සජිත් ප්‍රේමදාස ඇමැතිවරයා සූදානමින් සිටිනවා. වරද තමයි සජිත් ප්‍රේමදාස මහත්තයගේ දේශපාලන ව්‍යාපෘතියට එකඟ නොවීම. 2015 ජනවාරි 9දා සිට අද වන විට නිවාස සංවර්ධන අධිකාරියේ සේවකයන් 10ක් වැඩ තහනමටත් සේවකයන් 70කට ආසන්න පිරිසකට ස්ථාන මාරුවීම් ලබාදී තිබෙනවා. කොළඹ සේවකයන්ව මොනරාගලට, බදුල්ලට, යාපනයට, කිලිනොච්චියට, මුලතිව්වලට, මන්නාරමට පවා මාරු කරලා තිබෙනවා.

දරු ප්‍රසූතියට මාස 2ක් තිබියදී මාතලේ දිස්ත්‍රික් නීති නිලධාරිනියව මාතලේ ඉඳන් පුත්තලමට මාරු කළා.

ඒ වගේම රාජ්‍ය ඉන්ජිනේරු සංස්ථාවේ ශ්‍රීලනි සේවක සංගමයේ ප්‍රධාන ලේකම් කේ.කේ. චින්තක මහත්තයාට ස්ථාන මාරුවක් ලබාදීලා තිබෙනවා. වරද තමයි ජනාධිපතිතුමා නායකත්වය දෙන වෘත්තීය සමිතියක තනතුරක් දැරීම. එහි ශ්‍රීලනිසේ සංගමයේ පරිපාලන නිලධාරි නිමල් ආරියවංශ මහත්තයවත් වැඩ තහනමකට ලක් කරලා තිබෙනවා. එහි ශ්‍රීලනිසේ සංගමයේ සභාපති සමීර සුදර්ශන මහත්මයවත් ලේකම් නාලක සිල්වා මහත්මයාවත් මාරු කරලා යවලා තියෙනවා. රාජ්‍ය ඉන්ජිනේරු සංස්ථාවට අනුබද්ධ ජාතික යන්තේ‍රා්පකරණ ඒකකයේ සේවකයන් තිදෙනෙක් මේ වනවිට වැඩ තහනමට ලක්වෙලා තිබෙනවා. එහි සේවකයන්ට මාස 16කින් ඊපීඑෆ්, ඊටීඑෆ් දාලා නෑ. තොග පිටින් ඒවට සේවකයො පුරවනවා. දරාගන්න බැරිවෙද්දී ඊ.පී.එෆ්, ඊ.ටී.එෆ්. දාන්නෙ නෑ. ඒවට විරුද්ධව සේවකයො කතා කරන වරදට එහි සේවකයන් 20ක් මේ වනවිට ස්ථාන මාරුවීම් කරනවා.

මේ විතරක් නෙවෙයි අද චම්පික රණවක ඇමැතිවරයා ශ්‍රී ලංකා ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ ආයතනයේ මේ වනවිට සේවකයන් තිදෙනෙක්ම වැඩ තහනමට ලක්කරලා තියෙනවා. මේ වනවිට සේවකයො තොග පිටින් මාරුකරලා එතැන භීෂණයක් මවලා තියෙනවා.

ශ්‍රී ලංගම, දුම්රිය දෙපාර්තමේන්තුව ඇතුළු ආයතන ගණනාවකම සිත් පිත් නැතිව දේශපාලන පළිගැනීම්සිදු කරමින් සිටිනවා. ඇමැතිකම් දෙන්න මේ ජාතික ආණ්ඩුවක් අටවගන්න හදන්නේ



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More