දේශීය පුවත්

වතු කම්කරුවන් සතුව තිබූ රුපියල් 140ක දීමනාව නැවත වැටුපට එක් නොකළොත් එළැඹෙන 01දා සිට තමා ඇතුළු සිය සන්ධානයේ අනෙකුත් අමාත්‍යවරුන් තිදෙනාම ආණ්ඩුවෙන් ඉවත්වන බව තවදුරටත් නව ගම්මාන වතු යටිතල පහසුකම් හා ප්‍රජා සංවර්ධන අමාත්‍ය පලනි දිගම්බරම් පැවැසුවේය.

ආරුමුගම් තොණ්ඩමන් සහ වඩිවේල් සුරේෂ් එකතුවී හාම්පුතුන්ගේ සංගමය සමඟ සාකච්ඡා කොට වතු කම්කරුවන්ගේ සටන අඩු පඩියකට පාවා දුන් බවත්, එය සිදුවී ඇත්තේ කලින් ලබාදුන් මූලික වැටුප රුපියල් 500 දින 21ක් වැඩ කළ විට ලැබෙන රුපියල් 60 සහ ඵලදායිතා දීමනාව වශයෙන් ලබාදුන් රුපියල් 140 එකතු කර රුපියල් 700ක් කොට මූලික වැටුප ලෙස ලබාදී ඉතුරු දීමනා කපා හැරීමෙන් බවත් ඔහු සඳහන් කළේය.

මේ ගිවිසුම මඟින් ආරුමුගම් තොණ්ඩමන්, වඩිවේල් සුරේෂ් සහ නවීන් දිසානායක යන අය වතු කම්කරු ජනතාව රවටා තිබෙන බවද ඔහු අවධාරණය කළේය.

මෙහිදී ඵලදායිතා දීමනාව වූ රුපියල් 140 ලබාදීම නැතිකොට ඇති බවත්, එළැඹෙන 01දා අගමැතිවරයා සමඟ සාකච්ඡා කොට එම රුපියල් 140 වැටුපට එක් කර ගත නොහැකි වුවහොත් ආණ්ඩුවෙන් ඉවත්ව ගොස් වතු කම්කරු ජනතාව සමඟ සත්‍යග්‍රහයක් පවත්වන බවත්, ඔහු අවධාරණය කළේය.

තම සන්ධානයේ මන්ත්‍රිවරුන් සහ ඇමැතිවරුන් එකතුවී මේ සම්බන්ධයෙන් පෙරේදා (29දා) සාකච්ඡාවක් කළ අතර, එහිදී තම සන්ධානයේ නායක මනෝ ගනේෂන් මහතාද ඕනෑම දේකට සූදානම් බව පැවැසූ බවත් හෙතෙම කියා සිටියේය.

අනිවාර්යයෙන්ම රුපියල් 700ට අමතරව රුපියල් 140 දීමනාව දෙන්න ඕනෑමයි. එහෙම නොවුණොත් අපි ආණ්ඩුවෙන්යනවාමයි. අපේ සන්ධානයේ හය දෙනාම එකතුවෙලා ඉන්නවා. පලනි දිගම්බරම්ට, මනෝ ගනේෂන්ට, රාධා ක්‍රිෂ්ණන්ට මේ දේවල් බලාගෙන ඉන්න බැහැ. වඩිවේල් සුරේෂ්ලා මේක අස්සන් කළේ යූනියන් 3ක් එකතු කරගෙන තව යූනියන් එකක් ඒක වැරැදි කියලා අස්සන් කළේ නැහැ. අපි අගමැතිවරයාට මේක දැනුම්දුන්නා. එතුමා සාකච්ඡා සඳහා පළමු වැනිදාට එන්න කිව්වා. එදාට තීරණයක් නොදුන්නොත් අපි ආණ්ඩුවෙන් අනිවාර්යයෙන්ම යනවා යැයිද අමාත්‍යවරයා පැවැසුවේය.

ඊයේ (30දා) එම අමාත්‍යාංශයේදී පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More